කෙහෙළිය පවුලේ කෝටි 9 ක ගිණුම් අත්හිටුවයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ඇතුළු පවුලේ 6 දෙනෙකුගේ ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු මාස 3කට අත්හිටුවීමට අධිකරණය අද (05) නියෝග කළා.

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා විසින් අදාළ නියෝගය නිකුත් කරනු ලැබූ අතර එම ස්ථාවර තැන්පතු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු වල වටිනාකම රුපියල් මිලියන 97 (කෝටි 9) කට අධික බව සඳහන් වෙනවා.

එම බැංකු ගිණුම් සහ ජීවිත රක්ෂණ ඔප්පු පවත්වාගෙන ගොස් ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා සහ එක් දියණියකගේ ස්වාමි පුරුෂයා නමිනි.

ඒ අනුව අදාළ වත්කම් 2024 ඔක්තෝබර් 04 වැනිදා දක්වා අත්හිටුවීමට නියෝග කළ අධිකරණය එදිනට පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත නියෝග කරනු ලැබුවා.

ප්‍රමිතියෙන් තොර මානව ඉන්ට්‍රාවේනස් ඉමියුනොග්ලොබියුලින් (IVIG) එන්නත මිලදී ගැනීමට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටියි.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...