2024 මිස් ටෙක්සාස් කිරුළ පළමුවරට සංක්‍රමණික යුවතියකට

2024 ටෙක්සාස් රූ රැජින ලෙස කිරුළ ඝානාවේ උපත ලද ඇනට් ඇඩෝ-යෝබෝ නම් සුරූපි තරුණියක් විසින් දිනාගෙන තිබෙනවා.

උතුරු ටෙක්සාස්හි පදිංචිකාරියක් වන ඇය පසු ගිය ජුනි 29 වැනි සෙනසුරාදා රාත්‍රියේ ඇමරිකා එක්සත් ජනපදයේ රිචඩ්සන් හි චාල්ස් ඩබ්ලිව්. අයිස්මන් ප්‍රසංග කලා මධ්‍යස්ථානයේ පැවති තරගයේ දී රූ රැජින කිරුළ දිනා ගනු ලැබුවා.

ඒ අනුව ඇනට් ඇඩෝ-යෝබෝ සංක්‍රමණිකයකු ලෙස ටෙක්සාස් රූ රැජින කිරුළ දිනූ පළමු තැනැත්තිය මෙන්ම එම කිරුළ දිනූ පළමු ඝානා ජාතිකයා ලෙස ඉතිහාසගත වුණා.

ඇය ඩලස් හි ටෙක්සාස් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යාව පිළිබඳ උපාධිධාරිනියක්.

මෙම ජයග්‍රහණය සමඟ ඇයට මිස් ඇමරිකා තරඟයේදී ටෙක්සාස් නියෝජනය කිරීමට අවස්ථාව හිමි වුණා.

ඇයගේ ජයග්‍රහණය සැමරීම සඳහා Instagram හි පළ කරන ලද සටහනක,ඇඩෝ යොබෝ පවසන්නේ ඇය 87 වැනි මිස් ටෙක්සාස් වීම ගැන “නිහතමානී, ගෞරවයක් සහ කෘතඥතාවක්” ඇති බවයි.

ඇය මීට පෙර 2023 වසරේ ඩලස් රූ රැජින කිරුළ හිමිකරගත් අතර මේ වසරේ මිස් සවුත්ලේක් ලෙසද තරග වැදී තිබුණා.

“මිස් සවුත්ලේක්” තරගයේ දී ඇයට පුරවැසිභාවය අහිමි වීම හේතුවෙන් “යෞවන වියේ සහ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකු ලෙස බොහෝ අවස්ථාවන් අහිමි වූ” ආකාරය විස්තර කළා.

ඝානාවේ උපත ලැබුවද, ඇනට් සහ ඇගේ පවුලේ අය එක්සත් ජනපදයට සහ කැනඩාවට සංක්‍රමණය වූ අයයි.

“අපි රැගෙන යන විට මගේ දෙමාපියන්ට ඩොලර් 50 ක් සහ ගමන් මල්ලක් තිබුණා,” ඇඩෝ-යෝබෝ පවසා තිබෙනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...