සාධාරණයි අයියේ සාධාරණයි.. ප්‍රසිද්ධ නිරූපිකාවගේ නමට වාහනයක් ලියාපදිංචි කළ කෝටිපති ව්‍යාපාරිකයා කොටු වේ

ගුවන් මගින් කොකේන් හා කුෂ් හා ආනයනය කළ කෝටිපති ව්‍යාපාරිකයෙක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය පවසන්නේ මෙම පුද්ගලයා සැඟව සිටිය දී නාවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවයි.

ඔහු කුලී පදනම මත රැඳී සිටි නිවසේ තිබූ අධිසුඛෝපභෝගී වාහනය මේ දිනවල නීතිවිරෝධී වත්කම් සම්බන්ධයෙන් කතාබහට ලක්වන ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියගේ නමින් ලියාපදිංචි කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

රුපියල් කෝටියක මුදලකට ඔහු එය මිලදී ගෙන ඇති අතර ඉතිරි මුදල ගෙවීමට නියමිත බව ද සැකකරු පොලිසිය වෙත පවසා තිබෙනවා.

ප්‍රසිද්ධ නිරූපන ශිල්පිනියක් වන පියුමි හංසමාලිගේ නීති විරෝධී වත්කම් ඉපැයීම් සම්බන්ධයෙන් ද මේ දිනවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් පරීක්ෂණ පවත්වනු ලබයි.

ඇයට එහි දී ප්‍රබල දේශපාලනඥයකු සතු කලු සල්ලි සුදු කරන බවට චෝදනා එල්ල වුණා.

මේ අතර මහජන ආරක්ෂාව භාර අමාත්‍යවරයා සඳහන් කළේ පියුමි හංසමාලි කුඩු ව්‍යාපාරයට සම්බන්ධ පාතාල නායකයකු හා සම්බන්ධ වෙමින් කලු සල්ලි සුදු කරමින් සිටින බවයි.

එමෙන්ම මේ පිළිබඳ ප්‍රකාශයක් ලබා දීමට පියුමි හංසමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් අමතා ඇය ක්‍රීම් ව්‍යාපාරයක් මගින් උපයන මුදල් සීයට දෙසීයක් සාධාරණ බව ද පවසා සිටියා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...