ඇල්පිටිය PHI ඝාතනය වැරදීමක්.. SI කෙනෙක්ගේ ෆොටෝ එකකට PHIගේ ෆොටෝ එක මාරු වෙලා

කරන්දෙණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සේවය කරමින් සිටිය දී නාඳුනන වෙඩික්කරුවන් අතින් ඝාතනය වූ මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාට ඔහුගේ නිවසේ දී වෙඩි තබා ඝාතනය කිරීම වැරදීමකින් සිදු වූවක් බවට පොලිසිය හමුවේ මේ වන විට කරුණු අනාවරණය වී තිබෙනවා.

මෙය අනාවරණය වී ඇත්තේ ඊයේ (04) ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයේ දී එම ඝාතනය සිදු කළ බවට සැකකරන පුද්ගලයා ගල්කිස්ස මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්ණ කිරීම්වලට අනුවයි.

මෙම පුද්ගලයාට ඩුබායි රටේ සැඟව සිටින පාතාල නායකයකු ලෙස සැලකෙන සමන් කොල්ලා නැමැත්තකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ නිවස පිහිටි ප්‍රදේශයේ පදිංචිව සිටින උප පොලිස් පරීක්ෂවරයකු ඝාතනය කරන ලෙසට රුපියල් ලක්ෂ 8 ක කොන්ත්‍රාතුවක් ලැබී තිබෙනවා.

එම උප පොලිස් පරීක්ෂකවරයාගේ ඡායාරූප වෙනුවට වෙඩික්කරු අතට ලැබී ඇත්තේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ ඡායාරූපයකි. එම ඡායාරූපයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිල ඇඳුමෙන් සැරසී සිටීම නිසා ඔහු පොලිස් නිලධාරියකු බව වෙඩික්කරු වැරදියට වටහාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඩුබායි රටේ සැඟවී සිටින සමන් කොල්ලා නමැති පාතාල නායකයා එම කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ ඝාතනය කරන පුද්ගලයා විශ්‍රාමික පොලිස් නිලධාරියකු බව පවසමිනි.

නමුත් පොලිසිය පවසන්නේ ඔහු දැනටමත් රාජකාරියෙ හි නියුතු උප පොලිස් පරීක්ෂකවරයකු බවයි.

එම උප පොලිස් පරීක්ෂක ඩුබායි හි සිටින සමන් කොල්ලා නැමැති පාතාලකරුගේ හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගැනීම නිසා මෙම ඝාතනය සිදු කිරීමට සැලසුම් කර ඇති බවයි පොලිසිය පවසන්නේ.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!