එක්තරා කාලෙක දි නිහඬ වුණත් දකින්නෙ නැතුවම හිටියත් සමහර චරිත නිහඬ කරන්න බෑ. අමතක කරන්නත් බෑ. මේනකා පීරිස් අන්න ඒ වගේ නිහඬ කරන්න බැරි, කරපු සීමිත වැඩ ප්‍රමාණයක වුණත් අමතක කරන්න බැරි ලකුණක් ඉතිරි කරපු දක්ෂ කලාකාරිනියක්.
කාලයක් නිහඬ වෙලා හිටිය ඇය ගැන එකපාරටම දැනගන්න ලැබුණේ ඇය මවක් කියන ආරංචියත් එක්ක.
ඇගේ ජීවිතේ මේ කාල සීමාව ගෙවෙන්නේ විවිධ හැල හැප්පීම්, හිමිවීම්, අහිමිවීම්, අවලාද, චෝදනා, මඩ, ඇගයීම්, සම්මාන මේ ඔක්කොමත් එක මිටට දරාගෙන.
අපි හරි ආසයි ගෑණියෙක්ට වැරදුණාම පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වන්න. එයාට වැරදුණා ද, වැරදීමකින් වුණාද, එයා මෙයාට වැරැද්දුවා ද මෙයා එයාට වැරැද්දුවා ද? කපලා කොටලා මහලා අන්තිමේ එම්බාම් එක කරල දෙන්නෙත් සමාජෙන්මයි.
යූ ටියුබ් අවකාශයේ ඇය කියන මේ කතාව එහෙම සමාජයක ජීවත් වෙන අපට ගොඩක් වැදගත්. මේනකා අවුරුදු ගාණකට පස්සෙ පරිණත වෙලාද, අවබෝධයට පත්වෙලාද කියන්න දන්නෙ නෑ. ඒත් ඇය මේ කතාව කියන්නෙ හරිම සංයමයෙන්.
“කිසිම කාන්තාවක් කැමති නෑ කවදාවත් මඩ ගාගන්න. දික්කසාද වෙන්නෙ ගැහැණියක් බැරිම තැන. එතකොට ඇයට තව කසාදයක් හිමි වෙනවා කියන එකේ මොකක්ද තියෙන ගැටලුව. ඇයි ඇය කැමති නැද්ද ? ඇයි ඇයට හොඳ නැද්ද සතුටින් ජීවත් වෙන්න. ඇයට හොඳ නැද්ද දරුවෙක් හදන්න. ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න?”
“මේ අවුරුදු හතරටම මගේ මහත්තයා ගැන කතා කරන පළවෙනි ප්‍රෝග්‍රෑම් එක. අවුරුදු හතරකට කලින් මට කිව්ව මේනකා පීරිස් බැන්දේ කෝටිපතියෙක්. ව්‍යාපාරික කෝටිපතියෙක් ඇමති කෙනෙක්. මැණික් බිස්නස් කරන කෙනෙක් වගේ යම් යම් නිර්ණායකවලින් මාව හැඳින්වුවා. එතකොට මම කළේ නිහඬ වෙන එක. මං නිහඬ වෙන්න හේතුව ජීවිතේ සමහර වෙලාවට අපට වුණ දේවල් 1 ඉඳන් 10 ට කියන්න බෑ. අපි රංගන ශිල්පීන් ශිල්පිනියන්. අපිට පෞද්ගලික ජීවිතේ හරි අඩුයි. මට වුණා වගේ දේවල් වෙලා නැද්ද දොස්තර කෙනෙක්ට. ලෝයර් කෙනෙක්ට. සාමාන්‍ය ගෙදරකට වෙලා ඉන්න අම්මෙක්ට, දුවක්ට, බිරිඳක්ට වෙලා නැති දෙයක් ද මට වුණේ. ඒත් මං ගැන කතා කරනවා මං ජනප්‍රිය නිසා “
“මං හෙව්වෙ නෑ සල්ලි. මං හෙව්වෙ නෑ වාහනයක් තියෙනවද කියලා ගෙදරක් තියෙනව ද කියලා. මොකද මට ඕන වුණේ ඒ එක දෙයක්වත් නෙවෙයි සැනසීම පිරුණු පුංචි කුරුළු කූඩුවක්.”
කෙනෙක්ගේ ජීවිතයක් දිහා බලලා අර්ථකථන දෙනකොට අපි කොච්චර පරිස්සම් වෙන්න ඕනද? කී බෝඩ් එකක ඇගිලි ටික එහේ මෙහේ යවනකොට මනුස්සයක්ගේ ඒ වගේ පුංචි හීනයක් ජීවිත කාලෙම කැපවීම් කරල ලබා ගත්ත වටිනකමක් නැති වෙන්න පුළුවන්. කෙනෙක්ගේ පෞද්ගලික ජීවිතය තීරණය කරන්න අපි කවුද? වෙච්චි දේවල් අපි දන්නවද? දැනගත්තත් අපිට ඒක මොකටද? අපි ඇහුවත් හැම කෙනෙක්ටම තියෙන්නේ A to Z කියන්න පුළුවන් කතාවක් ද? අපේ ජීවිතවල පවා ආයෙ කිසිදාක වෙන්න එපා කියලා හිතන, මතක් කරනකොටත් මැරි මැරී උපදින කතා මොකෝ ඇත්තෙම නැද්ද?
මේනකා විතරක් නෙවෙයි ප්‍රසිද්ධ අප්‍රසිද්ධ කිසිම ගැහැණියකගේ පිරිමියෙකුගේ පුද්ගලික ජීවිත අර්ථකථනය කරන්න අපට ඇති අයිතියක් නෑ.
හොඳම දේ මේනකා මේ ඔක්කොම කියලා සයිබර් බුලින් ගැනත් කියලා, පින්සිද්ධ වෙයි තවත් අම්මා කෙනෙක්ගෙන් නංගි කෙනෙක්ගෙන් දුවෙක්ගෙන් කවදාවත් එක පාරක් ද දෙපාරක් ද තුන්පාරක් ද බැන්දෙ ඩිවෝර්ස් ද වගේ දේවල් අහන්න එපා කියල අත් දෙක එකතුකරල ඉල්ලුව මේ වීඩියෝ එක ෂෙයාර් වෙන තැන්වලත් ඊට යටින් සමහරු ඇගේ අතීත කතා හාරල අවුස්සපු අමුනුස්ස කමෙන්ට් දාපු එක.
කාලෙකට පස්සෙ යූ ටියුබ් වගේ ෆ්ලැට් ෆෝර්ම් එකකට ඇවිත් තියල ගිය පණිවිඩය සෑහෙන්න වටිනව මේනකා.