අයියෝ මං ඒක විකුණපු එකක් අප්පා.. මේ CID එක මට ඉන්න දෙන්නෙම නෑ.. කරුමයක් වුණානේ

ගුවන් මගින් කොකේන් හා කුෂ් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මඟින් ඊයේ (05) අත්අඩංගුවට ගනු ලැබූ කෝටිපති ව්‍යාපාරිකයා සතුව තිබූ අධි සුඛෝපභෝගී මෝටර් රථය තමාගෙන් මිලදී ගත් එකක් බව පියුමි හංසමාලි පවසනවා.

ඒ ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින්.

එම සටහන තබමින් ඇය දෙයක් විකුණන විට එය මිලදී ගන්නා තැනැත්‍තාගේ ජාතකය සොයන්නේ නැති බව පවසා තිබෙනවා.

එහිම අවසානයේ වාහනය මිලදී ගත් පුද්ගලයා තමාගේ පැරණිම මිතුරියකගේ සැමියා බව ද සඳහන් කර තිබෙනවා.

එම සටහන මෙසේය.

මම වාහනෙ විකුනලා ඉවරයි අප්පා 🙊මාව අල්ලං කන්නම හදනවා මට තෙරෙන්නෙ නැ. ඔක විකනුලා දැං අවුරුදක් වෙනවා .එයාලා සල්ලි බාගයයි දුන්නෙ. ඉතිං තාම මගෙ නමට තියෙන්නෙ. ඔය වාහනෙ කුඩු ඇදලත් නැ .ඔය වාහනෙ කුඩුත් එක්ක අහු වෙලත් නැ. මම කුඩු විකුනලත් නැ.

මෙ දැනුත් කියනවා 1000%ක් ක් මම නිවැරදියි😂 මාර වැඩක් උනානෙ දෙයියනෙ වාහනෙ විකුනන කොට උගෙ මුලු ජාතකෙම හොයලා වාහනෙ දෙන්න උනා.🙊

ගොටාබය සර් පැද්ද එකක් අරංමට තාම කරදර😂 මට මෙ CID එකෙන් නම් ඉන්න දෙන්නෙම නැ නෙ.. මොන කරැමයක් උනානෙ මානසික නිදහසක් නැතුව ගියා නෙ අප්පා මට.

අත්අඩංලුවට ගත්ත පුද්ගලාගෙ බිරිදගෙ නමට ගත්තෙ බිරිද මගෙ පරනම මිතුරියක්. ඉතිං පස්සෙ හෙමිට සල්ලි දෙන්න කියලා මම දුන්නා. එ මගෙ හැටි දන්න අය දන්නවා. ඉතිං එයාලා දෙපාරකට මට ලක්ෂ 50 ගානෙ සල්ලි දුන්නා. ඔක තමයි ඇත්තම ඇත්ත දෙවියනෙ. දැං මාව හිතා මාතාම නොකරපු කුඩු මගුලකට සම්බන්ද කරන්න මෙ ගහන ගෙම් එකක්. හැබැයි සාප වෙනවා මෙ කරන පවු කාර වැඩෙට. මම නම් සාප ඉල්ලනවා. මාර කරැමයක් උනා නෙ..

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...