විශ්‍රාම වැටුප හා පාරිතෝෂිත ලබා දීම සඳහා රු 35,000 ක අල්ලස් ගත් විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ සේවකයින් දෙදෙනා රිමාන්ඩ්

විශ්‍රාම වැටුප සහ පාරිතෝෂිත දීමනා ලබාගැනීමේ කටයුතු සලසා දීම සඳහා රුපියල් 30000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ කාර්යාල කාර්ය සහායක හා සහායිකාව ලබන 19 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (05)නියෝග කළා.

තිලකාවතී අබේසිංහ හා ප්‍රදීප් සමන්ත පෙරේරා යන සැකකරුවන් මෙසේ බන්ධනාගාර ගත කර තිබෙනවා.

සැකකරුවන් පෙරේදා (04) දින අත්අඩංගුවට ගත් බවත් ,ලබාගත් මුදල අධිකරණයට ඉදිරිපත් කරන බවත් අල්ලස් කොමිසමේ නිලධාරීන් කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළා.

පැමිණිලිකාර තැනැත්තිය මියගිය සැමියාගේ විශ්‍රාම සහ පාරිතෝෂිත දීමනා ලබා ගැනීමට එම දෙපාර්තමේන්තුවට ගොස් ඇති බවත්,එහිදී කටයුතු කරදීමට රුපියල් 35000 මුදලක් ඉල්ලා ඇති සැකකරුවන් රුපියල් හාරදහසක මුදලක් ලබාගෙන ඉතිරි රුපියල් තිස්දහස ලබා ගැනීමේදී අත්අඩංගුවට ගෙන තිබුණෙ දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළ දීය.

සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රෝහණ සේනාරත්න මහතා පෙනී සිටි අතර පළමු සැකකාරිය පැමිණිලිකාරියගේ සැමියාව හොඳින් දන්නා කෙනෙකු බවත්,අල්ලස් ඉල්ලා සිටීමේ චෝදනාව ප්‍රතික්ෂේප කරන බවත් පවසා තිබෙනවා.

කෙසේ වෙතත් විමර්ශන අවසන් නොමැති බැවින් ඇප ඉල්ලීමක් නොකරන බවද නීතිඥවරයා සඳහන් කළා.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන 19 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරනු ලැබුවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...