මැතිවරණය නියමිත දිනයට පැවැත්විය යුතු බව මැතිවරණ කොමසාරිස්වරයාට මා මතක් කළා

නියමිත දිනට මැතිවරණය පැවැත්විය යුතු බවත් ඒ සඳහා මැතිවරණ කොමසාරිස්වරයා සමඟ සාකච්ඡාවේදී කරුණු පහදා දුන් බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ හමුවේ ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල ස්වාමීන් වහන්සේ වැඩ සිටින නාරාහේන්පිට, ඇල්විටිගල මාවතේ පිහිටි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත ඊයේ (05) පස්වරුවේ පැමිණි ජනාධිපතිවරයා මහානායක හිමිපාණන් වහන්සේ බැහැදැක කෙටි පිළිසඳරක නිරත වෙමින් මේ බව පවසා තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් මෙසේද පවසා සිටියා.

ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියට අදාළව අප මේ වන විට පෞද්ගලික ණය හිමියන් සහ වාණිජ ණය හිමියන් සමඟ සාකච්ඡා අවසන් කර තිබෙනවා. අපට ගෙවීමට තිබු ණය ප්‍රමාණයෙන් ඩොලර් බිලියන 8ක් පමණ අඩු කර ගැනීමට හැකිවීමේ සුබ ආරංචිය ඔබවහන්සේට දැනුම් දෙන්න කැමතියි.

ඒ වගේම ණය ගෙවීම සඳහා වසර 4ක සහන කාලයක් ලබා ගැනීමටත් සම්පූර්ණ ණය ගෙවීම සඳහා 2043 දක්වා කාලය ලබා ගැනීමටත් අපට හැකි වුණා. මෙම වාසිය ලබාගෙන ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් ඉදිරි වසර දෙක තුළ සැලසුම් සහගතව කටයුතු කළහොත් නැවත ණය නොගන්නා තත්ත්වයකට රට ගෙන ආ හැකියි.

බෞද්ධ රටක් වන තායිලන්තය විවෘත ආර්ථිකය සමඟ අද ශක්තිමත් ආර්ථිකයක් ඇතිකරගෙන තිබෙනවා. තායිලන්තය 1950 වසරේ දී ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ණයවලට වඩා දෙගුණයක ණය බරක් තිබු රටක්. නමුත් අද වන විට අපනයනය මත පදනම්ව ධනාත්මක ආර්ථිකයක් ඇතිකරගෙන තිබෙනවා. 1991දී ශ්‍රී ලංකාවට කර්මාන්ත සහ ආයෝජන ගෙන ඒම සම්බන්ධව එවකට වියට්නාමයේ කර්මාන්ත ඇමතිවරයා මගෙන් විමසීමක් කළා. අද මට වියට්නාමය කර්මාන්ත ඇමතිවරයාගෙන් ආයෝජන සහ කර්මාන්ත ගෙන ඒම සම්බන්ධයෙන් විමසීමට සිදු වෙලා.

මැතිවරණය නියමිත දිනයට පැවැත් විය යුතු බවට මැතිවරණ කොමසාරිස්වරයාට මා දැනුම් දී තිබෙනවා. 2015දී ජනාධිපතිවරයාගේ කාලසීමාව වසර 6 සිට වසර 5ක් දක්වා අඩු කිරීමට යෝජනා කළේ මමයි. අද මේ රටේ ජනතාව ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. ඒ අනුව අස්වැසුම වැඩසටහන හරහා ජනතාවට සහනයක් ලබාදීමට රජය මේ වනවිට කටයුතු කර තිබෙනවා.”

Latest News

More like this

ආරුගම්බේ උඩුකය නිරුවතින් ඇවිද්ද තායි කතට ලැබුණු දඬුවම

අම්පාර ආරුගම්බේ සංචාරක කලාපයේ උඩුකය නිරුවතින් ගමන් ගත් විදේශීය...

‘භාතිය’ නිදහස ලබයි

වෙඩි වැදීමක් හේතුවෙන් බරපතල අසාධ්‍ය තත්ත්වයෙන් දින ගණනාවක් ප්‍රතිකාර...

රජය ගව ශුක්‍රානු ආනයනය කිරීමට සැරසෙයි

උසස් තත්ත්වයෙන් යුතු ගවයන් 15,000ක් බිහි කර ගැනීමේ ව්‍යාපෘතියක්...

රජය අදානිට එරෙහිව නඩු මඟට යයිද?

මන්නාරම් මෙගාවොට් 484ක සුළං විදුලි බලාගාර සහ සම්ප්‍රේෂණ ව්‍යාපෘතියෙන්...
error: Content is protected !!