35,000 දීලා පියුමිගේ ක්‍රීම් ගෑව අයට අබ සරණයි.. අඩුම ලියාපදිංචි සහතිකයක්වත් නැහැ

නිරූපන ශිල්පිනියක වන පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපන ඇතුළු රූපලාවන්‍ය නිෂ්පාදන ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති බව එම අධිකාරියේ ආරංචි මාර්ග සඳහන් කරනවා.

ශ්‍රී ලංකාව තුළ රූපලාවන්‍ය නිෂ්පාදන නියාමනය කිරීමට නීතිමය රාමුවක් හෝ ඒ සඳහා නියම කරන ලද පනතක් නොමැත.

ලියාපදිංචි නොකළ නිෂ්පාදනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරියට එය බාධාවක්වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම පිළිබඳ අදහස් දක්වමින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය සවීන් සේමගේ මහතා ප්‍රකාශ කර සිටියේ සමස්තයක් ලෙස සම සුදු කිරීමේ ආලේපන සම්බන්ධ ගැටළු පිළිබඳ විශාල පැමිණිලි සංඛ්‍යාවක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලැබෙන බවයි.

පාරිභෝගික ආරක්ෂාව සහතික කිරීම සඳහා රූපලාවන්‍ය නිෂ්පාදන ස්වේච්ඡාවෙන් ලියාපදිංචි කිරීමට ඒවා ප්‍රවර්ධනය කරන්නන් ජාතික ඖෂධ නියාමන අධිකාරිය දිරිමත් කරන බවද වෛද්‍ය සේමගේ මහතා පවසනවා.

සම සුදු කිරීමේ ආලේපන භාවිත කිරීමෙන් සෞඛ්‍ය ගැටලු පවා මතුවීමට ඉඩ ඇති බැවින් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි කර නොමැති රූපලාවන්‍ය නිෂ්පාදන විශේෂයෙන් සම සුදු කිරීමේ ආලේපන භාවිත කිරීමෙන් වැලකී සිටින ලෙස එම බලධාරීන් මහ ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.

මේ වනවිට පියුමි හංසමාලි ප්‍රවර්ධනය කරනු ලබන සම සුදු කිරීමේ ආලේපනයට වෙළඳපොළ තුළ විශාල ජනප්‍රියත්වයක් හිමිව තිබෙන අතර ඒ පිළිබඳ මෑතකදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පියුමි පැවසුවේ මේ වන විටත් ඇගේ ව්‍යාපාරය තුළ ආලේපන 25,000 කට අධික ප්‍රමාණයක් විකිණී ඇති බවයි.

එමෙන්ම එම සම සුදු කිරීමේ ආලේපන ඇසුරුම රුපියල් 35,000 වටිනා බව ඇය සඳහන් කළ නමුත් එම ආලේපන නිෂ්පාදනය කරන ආකාරය හෝ ගෙන්වන ආකාරය පිළිබඳ ඇය සඳහනක් කර නැහැ.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...