‘මොනරා’ පුවත්පත රන්දිකට කැත වැඩක් කරයි

සති අග පුවත්පතක් වන මොනරා පුවත්පතෙහි “සඳ මඬල” නම් කලා තොරතුරු ඇතුළත් අතිරේකයේ රංගන ශිල්පී රන්දික ගුණතිලකගේ සම්මුඛ සාකච්ඡාවක් ව්‍යාජ ලෙස සකස් කරමින් පළ කර ඇති බව රන්දික ප්‍රකාශ කර තිබෙනවා.

ඒ ෆේස්බුක් ඔස්සේ සටහනක් තබමින්.

ඔහු එහි චෝදනා කර ඇත්තේ එම ලිපිය ඔහුගේ අවසරයකින් තොරව ව්‍යාජ ලෙස සකස් කර ඇති බවයි.

‘Genuine Journalism is Expencive’ මාධ්‍යවේදියකු සතු වගකීම එම පුවත්පතට හා අදාළ ලිපිය සකස් කර ඇති මාධ්‍යවේදිනියට රන්දික මතක් කර දී ඇත්තේ එලෙසයි.

කලාකරුවෙකුගේ අවසරයකින් තොරව ඔහු ප්‍රකාශ නොකරන ලද දේ ඇතුළත් කරමින් එවැනි ලිපියක් සකස් කිරීම සැබවින්ම මාධ්‍ය වෘත්තීයේ ගරුත්වය කෙලසීමකි.

“වෘත්තීය රංගන ශිල්පියෙකු ලෙසත් සාමන්‍ය මනුස්සයෙක් විදියටත් තමන් කතාකරන දේවල් පිළිබද වගකීම තමා සතු බව මම දැඩිව විස්වාස කරන කෙනෙක්. ඒ නිසාම වගකීම ගත නොහැකි කිසිම දෙයක් කතා නොකර ඉන්න මම වගබලා ගන්නවා වගේම තමන් කතා කරන හැමදෙයක්ම සිහියෙන් සහ අවබෝදයෙන් කතා කරයුතුයි කියලා හිතනවා.

මේ ගැන කියන්න සිද්ද වුණේ සිදුවුණ අපහසුතාවක් නිසා. paper artical එකක් ඇතුලේ “කලාකරුවෙක්ගෙ මොනවහරි දෙයක් ලියනවා” කියලා හිතන සමහර මාධ්‍යවේදීන් නැති කරලා දාන්නේ ඔවුනේ, මගේ වෘත්තීය ගෞරවය විතරක් නෙමෙයි. ආදරණීය ප්‍රේක්ෂකයො අපි ගැන තියල තියන විස්වාසය. ඒ නිසා මගේ දැනුවත් වීමකින් තොරව පල කරන මේ ආර්ටිකල් එකේ වගකීම මම භාර නොගන්න බව කියන්න ඕනේ.

“Genuine journalism is expensive” කියන කාරණාව තේරුම් ගැනීම ඉතාම වැදගත්. තමනේ වෘත්තීයට අවංක වීම තමන්ට වගේම තව ගොඩක් දෙනෙක්ට බලපාන දෙයක්. ජනමාධ්‍ය කියන්නේ කලාවේ කොටසක්. එය වගකීම සහගත් එකක් වියයුතුයි කියන එක මගේ විස්වාසයි.”

Latest News

More like this

ගිරිරාජ්ගේ දියණියගෙන් කෙහෙළියගේ දෝණියට පණිවිඩයක්

කෙහෙළිය රඹුක්වැල්ල මෙරට සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරමින් සිටි...

සුපිරි නළු සල්මන් ඛාන් වටා කැරකෙන පාතාලය: ගැහැණියක් නිවසටම ඇතුළු වේ

බොලිවුඩ් නළු සල්මන් ඛාන්ගේ මුම්බායි, බන්ඩ්‍රා ප්‍රදේශයේ ගැලැක්සි මහල්...

විශාල්ගේ ජීවිතයට අලුත් බලාපොරොත්තුවක්…

හැංගි හැංගි බැඳපු ආදරේ ගැන හැමෝටම කියන්න ඔවුන් පසු...

සමන්තා සහ රාජ් නිදිමෝරු අතර ප්‍රේමය සනාථ කරන ගුප්ත සටහන්

"හොඳ කර්මය නිර්මාණය කරන්න. මිනිසුන්ට උදව් කරන්න සහ මිනිසුන්ට...
error: Content is protected !!