ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම ප්‍රතික්ෂේප කරන ලෙස NPPය ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලයි

2024 ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වාලමින් මැතිවරණ කොමිසමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව අතරමැදි පෙත්සමක් ගොනු කරමින් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා හා හරිනි අමරසූරිය ඇතුළු තවත් කණ්ඩායම් කිහිපයක් එම පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්‍රභා කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් සිදු කර තිබෙනවා.

පානදුර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරික චමින්ද්‍ර දයාන් ලේනව මහතා මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කරමින් වත්මන් ජනාධිපතිවරයාගේ ධූර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් ගන්නා තුරු මැතිවරණ කොමිසමට ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස පසු ගිය දා ඉල්ලීමක් කර තිබුණා.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 3 වැනි වගන්තිය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 30(2) ව්‍යවස්ථාව සංශෝධනය කර ජනාධිපති ධුර කාලය වසර හයේ සිට වසර පහ දක්වා අඩු කළ බව පෙත්සම ඉදිරිපත් කරමින් විජිත හේරත් මහතා සඳහන් කළා.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ 3 වැනි වගන්තියෙන් ජනාධිපති ධුර කාලය වසර පහක් බවත්, එම විධිවිධානයට අනුව තවදුරටත් ජනාධිපතිවරණය පැවැත්විය යුත්තේ 2024 දී බවයි ඔහු පවසන්නේ.

එමෙන්ම ඔහු වැඩිදුරටත් කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයාගේ නිල කාලය 2024 නොවැම්බර් මාසයේදී අවසන් වීමට නියමිත බැවින් නීතියට අනුව 2024 දී ජනාධිපතිවරණය පැවැත්වීම අනිවාර්ය බවයි.

පෙත්සම්කරු (ව්‍යාපාරිකයා) විසින් ඉල්ලා සිටින සහනවලට එරෙහිවීම සඳහා අතරමැදි පාර්ශවලෙස මැදිහත් වී කරුණු දැක්වීමට ඉඩ දෙන ලෙස ද ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය තවදුරටත් ඉල්ලා සිටියා.

ජාතික ජන බලවේගය මෙම පෙත්සම ඉදිරිපත් කරනු ලැබුවේ නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන්.

Latest News

More like this

අගෝස්තු 02වැනිදා ෂාරුක් ඛාන් කොළඹ සිහින නගරයට පැමිණීම තහවුරු කරයි

“බොලිවුඩයේ කින්ග් ඛාන්”ලෙස ජනප්‍රිය ෂාරුක් ඛාන් 2025 අගෝස්තු 2...

පරිපාලනයක් නැතිව ජාතික රෝහල ලෙඩ වෙයි.. හදවත් රෝගීන්‍ට ලක්ෂයක බේත් පිටින් ගේන්න කියයි

කොළඹ ජාතික රෝහලේ සැත්කම් නියම කරනු ලබන හෘද රෝගීන්ට...

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...
error: Content is protected !!