කෙටි දුර ධාවන ශූර අරුණ දර්ශනටත් පැරිස් ඔලිම්පික් උළෙලට වරම්

රී ලංකා කෙටි දුර ධාවන ශූර අරුණ දර්ශන පැරිස් ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබූ බව ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමය පවසා තිබෙනවා

ඒ අනුව අරුණ දර්ශන එම ක්‍රීඩා උළෙලේ මීටර 400 ඉසව්ව නියෝජනය කිරීමට නියමිතයි.

පසු ගිය දා යොවුන් මළල ක්‍රීඩිකා තරුෂි කරුණාරත්ට සහ මළල ක්‍රීඩිකා දිල්හානි ලේකම්ගේට ද ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2024 පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගී වීමේ වරම් හිමි වුණා.

ඒ අනුව 2024 ඔලිම්පික් උළෙලේ දී තරුෂි කරුණාරත්න කාන්තා මීටර 800 ඉසව්වෙන් හා දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් තරග වැදීමට නියමිතයි.

Latest News

error: Content is protected !!