රාණි මුඛර්ජි Hichki ප්‍රධාන චරිතය පිරිමි නළුවෙක්ගෙන් උදුරගත්තා

රාණි මුකර්ජිගේ සිනමා ජීවිතය කණපිට ගැහුව Hichki චිත්‍රපටය මතකයිනේ.

Hichki රාණිගේ පසුකාලීන සිනමා දිවියේ වැදගත්ම චිත්‍රපටයක් විදියටයි සැලකෙන්නේ.

Hichki ප්‍රධාන චරිතය රාණි නිරූපනය කළත් එය ඇත්තටම ලියවුණේ පිරිමි නළුවෙක් වෙනුවෙන්.

India Today සමඟ මෑතකාලීන සම්මුඛ සාකච්ඡාවකදී චිත්‍රපටයේ කතාව මුලින්ම නළුවෙක් කේන්ද්‍ර කරගෙන නිර්මාණය කළ බව අධ්‍යක්ෂ සිද්ධාර්ත් පී. මල්හෝත්‍රා කිව්වා.

ඔහු එය කාන්තා චරිතයක් ලෙස වෙනස් කරන්නෙ බලපෑව හේතුව මෙහෙමයි.

2010 වසරේ We Are Family චිත්‍රපටයෙන් අධ්‍යක්ෂණයට පිවිසීමෙන් පසු සිද්ධාර්ත් මල්හෝත්‍රාට කිරීමට අවශ්‍ය වූ එකම චිත්‍රපටය තමයි Hichki කියන්නේ.

ඒත් වීරයෙක් නොමැති, ප්‍රේම කතාවක් නැති Tourette’s Syndrome ඇති ගුරුවරයෙකු පිළිබඳ කතාවක් කිසිදාක දුවන චිත්‍රපටයක් වෙන්නෙ නෑ.

මුළු ලෝකෙම සිද්ධාර්ත්ට කිව්වා උඹට පිස්සු කියලා.

නමුත් රාණිගේ සැමියා වන ආදිත්‍ය චොප්රාට මේ ගැන කියනකොට ඔහු කිව්වෙ එක දෙයයි.

“චිත්‍රපටය හැදේවි. ප්‍රධාන චරිතය පිරිමියා ගැහැණියක් විදියට වෙනස් කරන්න”

රාණි මුඛර්ජි ඒ විදියට ප්‍රධාන චරිතයට එන්නේ වාණිජ වශයෙන් චිත්‍රපටයට නොතිබුණු ආකර්ශනය Hichki වෙත ලබා දෙමින්.

කිව්ව විදියටම ඒ ට්‍රික් එක වැඩ කළා. චිත්‍රපටය වාණිජ වශයෙන් සාර්ථක වුණා වගේම රාණිගේ සිනමා ජීවිතයත් දෙවැනි වටයකින් නැවත ආරම්භ වෙන්නත් Hichki හේතු වුණා.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...