මිනිස්සු එකා පිට එකා වැටුණා.. ‘බෝලේ බාබාගේ’ ආගමික උත්සවය අතරතුර ඉන්දියානුවන් සිය ගණනක් දෙවියන් සොයා යයි

ඉන්දියාවේ ආගමික උත්සවයක සිදු වූ තෙරපීමකින් පසුගිය අඟහරුවාදා අවම වශයෙන් 116 දෙනෙකු මිය ගොස් තවත් විශාල සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වුණා.

මෙම සිදුවීම වාර්තා වුණේ ‘බෝලේ බාබා’ ලෙස හඳුන්වන හින්දු පූජකයකු විසින් සංවිධානය කළ උත්සවයක් අතරතුරදීය.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ බැතිමතුන්ට රැස්වීමට සාදා තිබුණු තාවකාලික ආවරණයක් සහිත තැනක ඇති වූ උණුසුම සහ හුස්ම හිරවීම මෙම මරණවලට හේතු වු බව බලධාරීන් ප්‍රකාශ කළ බවයි.

එම ස්ථානය කඩා වැටී ඇති බවක් පෙනෙන්නට ඇති බව මේ සම්බන්ධයෙන් පසුව වාර්තා වූ වීඩියෝවල දක්නට ලැබුණා.

තෙරපීම සිදු වූ උතුරු ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ පොලිස් අධ්‍යක්ෂ ජනරාල් ප්‍රශාන්ත් කුමාර් පැවසුවේ අවම වශයෙන් පුද්ගලයින් 116 දෙනෙකු මිය ගිය අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ ළමුන් බවයි.

තවත් 80කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව වාර්තා වුණා.

“මිනිස්සු එකා පිට එකා වැටෙන්න පටන් ගත්තා. තැළුණු අය මිය ගියා. එහි සිටි අය ඔවුන්ව එළියට ඇද දැමුවා,” ඇසින් දුටු සාක්ෂිකාරියක් මාධ්‍ය වෙත පවසා තිබෙනවා.

අනාරක්ෂිත කුඩා ස්ථානවල විශාල සෙනඟක් රැස් වීම හේතුවෙන් ඉන්දියාවේ ආගමික ස්ථානවල තෙරපීමෙන් සිදුවන මරණ සාමාන්‍ය තත්ත්වයක්.

මූලික වාර්තා පැවසුවේ 5,000 ක් පමණ රැස්වීමට අවසර දී ඇති නමුත් මෙම ආගමික දේශකයාගේ උත්සවයට 15,000 කට අධික පිරිසක් පැමිණ ඇති බවයි.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මියගිය අයගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කළ අතර තුවාල ලැබූවන්ට උපකාර ලබා ගැනීම සහතික කිරීම සඳහා ෆෙඩරල් රජය ප්‍රාන්ත බලධාරීන් සමඟ කටයුතු කරන බව සඳහන් කර තිබෙනවා.

Guru Bhole Baba

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...