සජබ නායකයාගෙන් තවත් ගණුදෙනුවක්.. ලංකාවේ ලොකුම ව්‍යාපාරිකයන් 20 ක් සජිත්ට ඇවිත්ලු

ලංකාවේ ලොකුම ව්‍යාපාරිකයන් 20 දෙනා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර පසුගිය සතියේදී අතිශය රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි සජිත් හිතවාදී මාධ්‍ය කණ්ඩායම් කිහිපයක් වාර්තා කර තිබෙනවා.

අදාළ ව්‍යාපාරිකයන් 20 දෙනාගේ ඉල්ලීමකට අනුව එම සාකච්ඡාව පවත්වා ඇති බවයි එම වාර්තා පවසන්නේ.

එම සාකච්ඡාවේදී මෙම ව්‍යාපාරිකයන් විසින් තමන්ට ඇති ගැටලු සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගෙන් ප්‍රශ්න කොට ඇති අතර, ඒ සඳහා විපක්ෂ නායකවරයා විසින් ලබාදී ඇති පිළිතුරු සම්බන්ධයෙන් ඔවුන් ප්‍රසාදය පළකොට ඇති බව ද එම වාර්තා පවසනවා.

මෙම සාකච්ඡාවට විපක්ෂ නායකවරයා සමග ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ සජබ ආර්ථික කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහභාගි වී ඇති බව එම වාර්තා සඳහන් කරයි.

කෙසේවෙතත් සමගි ජන බලවේගයේ සභාපති සරත් ෆොන්සේකා පසුගිය දා පාර්ලිමේන්තුවේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කරමින් සජිත් ප්‍රේමදාස මහතාට කැසිනෝ සහ මත්ද්‍රව්‍ය ගණුදෙනු කරන ව්‍යාපාරිකයන් ගණනාවක් සමඟ ඇති සම්බන්ධතාවය පිළිබඳ අනාවරණය කිරීමක් සිදු කළා.

ඔහු එහි දී පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතා රට පුරා පාසල් සහ පන්සල්වලට බෙදමින් යන්නේ එම ව්‍යාපාරිකයන්ගේ මුදල් බවයි.

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!