දවස් දෙකක් අගමැති කෙනෙක් හෙව්ව රටක් ලෝකේ කොහේවත් නෑ. සජිත් දැන්වත් අයිවෝ ජෙනිංග්ස් හොයන් කියවන්න

තමාගේ කාර්ය භාරය අවසන් කළ බව අවධාරණය කරන අතරම ඉතා කෙටි කාලයක් තුළ ප්‍රකාශයට පත් කෙරෙන ජනාධිපතිවරණයේදී රටේ ඉරණම තීරණය කිරීමට ජනතාවට සිදුවනු ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06) සඳහන් කළා.

“ආර්ථිකය ස්ථාවර මාවතට ගෙන ඒමේ කාර්යය අවසන් කර ඇති නිසා මට තවදුරටත් ජාතියේ අනාගතය ගැන තීරණයක් ගැනීමේ අයිතියක් නැහැ. රටේ අනාගතය තිබෙන්නේ ජනතාව අතේ. මැතිවරණ කොමිෂන් සභාව ළඟදීම ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කරයි. මැතිවරණයේදී ජාතියේ ඉරණම ජනතාව තීරණය කළ යුතුයි.”

“ඔය මැයි නව වෙනිදාට ඉස්සෙල්ලා සතියේ පාර්ලිමේන්තුව තිබුණා. කොටසක් ආණ්ඩුවෙන් අයින් වෙලා ගියා විපක්ෂෙට. මොකක්ද ආණ්ඩුවට වෙන්නේ කියන ප්‍රශ්ණය ආවා. විපක්ෂයේ පිරිසක් කිව්වා මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව කඩා වැටුණොත් ඉස්සෙල්ලම විපක්ෂ නායකතුමාට අගමැති කම දෙන්න කියලා කියන්න ඕන කියලා. එදා එතුමා අයින් වුණාට පස්සේ විපක්ෂ නායකතුමා ඒකභාර ගත්තේ නෑ.

එයාගේ යුතුකමක් තිබුණා මේක භාර ගන්න. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවනේ. එතුමා ජෙනිංග්ස් ගැන කියවන්න ඕනනේ. අයිවෝ ජෙනිංග්ස් ගැන දැන්වත් හොයන් කියවන්න. කැබිනට් ගවර්න්මන්ට්, පාර්ලිමන්ට් කියල දෙකක් තියෙනවා. ඔය දෙකම හොයන් කියවන්න. මගේ මිත්‍ර අනුර හොයගාන්නත් බැරි වුණා. දවස් දෙකක් අගමැති කමට මිනිස්සු හොයනවා. ලෝකේ කොහේද අගමැතිකම හිඟාකෑව. මං ඉල්ලුවෙ නෑ. මට එන්න කියනකොට මං කිව්ව සහයෝගය දෙන්නම් කියලා.

රටක් විපතට පත් වුණාම එකට එක්වීම සියලු ප්‍රධාන පක්ෂ සතු යුතුකමක් බව ද ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළා.

“සජිත් ජනාධිපති වෙනවා මට අගමැති වෙන්න කිව්වා. මං කොහොමද එයා යටතේ වැඩ කරන්නේ. එයාගේ වේගෙට මට දුවාගන්න බෑ. සක්‍ර දේවයා පාර්ලිමේන්තුවේ හිටිය නම් මං සක්‍ර දෙවේන්ද්‍රයගෙන් අහනවා. ඒත් සක්‍රයා පාර්ලිමේන්තුවේ හිටියේ නෑ. හිටියේ මහින්ද රාජපක්ෂයි, සජිත් ප්‍රේමදාසයි, අනුර දිසානායකයි. පොහොට්ටුවේ සහයෝගය එපා කියලා ගියා නම් අද මොකද වෙන්නේ. රුපියල 450 ට වඩා පනිනවා.

ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ දේශපාලන ජීවිතයට 27 වසරක සපිරීම නිමිත්තෙන් එළිදක්වනු ලැබූ කෘතිය ජනගත කිරීමේ උත්සවයට සහභාගී වෙමින්.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...