තෙලිඟු සිනමාවේ සුපිරි නළු විජෛ දේවරකොණ්ඩා මේ සතියේ ලංකාවට

තෙලිගු සිනමාවේ දක්ෂ නළුවෙක් වන සුපිරි නළු විජෛ දේවරකොණ්ඩා ඉදිරි දින කිහිපය ඇතුලත ලංකාවට පැමිණීමට නියමිතයි.

ඒ ඔහුගේ මීලඟ චිත්‍රපටය වන VD 12 චිත්‍රපටයේ රූගත කිරීම් සදහා සහභාගී වීමට බවයි වාර්තා වන්නේ.

VD 12 ලෙස දැනට නම් කර ඇති මෙම චිත්‍රපටය ගෞතම් දිනූරි විසින් අධ්‍යක්ෂණය කරනු ලබන අතර විජෛ දේවරකොණ්ඩා සමග භාග්‍ය ශ්‍රී බෝර්ස් එහි ප්‍රධාන රංගනයෙන් දායක වෙනවා.

කෙසේ වෙතත් වාර්තා වෙන නවතම තොරතුරු අනුව මෙසේ ලංකාවට පැමිණෙන ඔහු ඇතුළු චිත්‍රපටයේ නිෂ්පාදන කණ්ඩායම මාසයක කාලයක් මෙරට තුළ රැදී සිටිමින් රූගත කිරීම් කටයුතු වල නිරත වනු ඇති බව සඳහන්.

ඔවුන් ලංකාවේ විවිධ නගරවල රූගත කිරීම් සිදු කිරීමට සැලසුම් කර ඇතැයි වාර්තා වෙනවා.

Latest News

error: Content is protected !!