ශ්‍රි ලංකා ක්‍රිකට් පුහුණුකරු තනතුර සනත් ජයසූරියට

ශ්‍රී ලංකා ක්‍රිකට් (SLC) හි අන්තර්කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය පත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හිටපු පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් වෙනුවෙන් ස්ථිර අනුප්‍රාප්තිකයෙකු සොයාගන්නා තෙක් සනත් ජයසූරිය වැඩ බලන ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ලෙස නම් කර ඇති බව වාර්තා වෙනවා.

පසුගිය දෙසැම්බරයේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පූර්ණ කාලීන “ක්‍රිකට් උපදේශක” ලෙස පත් වූ දා සිට, ජයසූරිය ඛෙත්තාරාම හි ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන් යන දෙඅංශයේම අධීක්‍ෂණයට ක්‍රියාකාරීව සම්බන්ධ වී සිටියි.

ජයසූරිය තාවකාලිකව එම තනතුරට පත්වන අතර ස්ථිර ප්‍රධාන පුහුණුකරුවෙකු තෝරාගැනීම සඳහා වන මෙහෙයුම් දිගටම පවතිනු ඇති බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ක්ෂණික අවධානය යොමු වනු ඇත්තේ ඉන්දියාවට එරෙහිව එක්දින තරග තුනක් සහ විස්සයි20 තරග තුනක් ඇතුළත් තරග හයකින් සමන්විත සීමිත ඕවර තරගාවලිය සහ ඉන් අනතුරුව එංගලන්තයේ පැවැත්වෙන තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියකි.

Latest News

More like this

2026 IPL – පැතුම් කෝටි 13 කට අලෙවි වේ

IPL 2026 කුඩා වෙන්දේසියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම්...

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...