ජෝන් සීනා ඔහුගේ World Wrestling Entertainment (WWE) වෘත්තීය ජීවිතය නුදුරු අනාගතයේදී අවසන් කරනු ඇති අතර රෙස්ලින් ක්‍රීඩාවෙන් සමුගන්නා බව නිවේදනය කර තිබෙනවා.
16 වතාවක් ලෝක රෙස්ලින් ශූරයා වූ මල්ලවපොර ඉතිහාසයේ විශාලතම තරුවක් වන ඔහු සෙනසුරාදා රාත්‍රියේ නිවේදනය කළේ ඔහුගේ WWE හි කාලය අවසන් වන බවත්, 2025 දී WrestleMania 41 ප්‍රමුඛ ඉසව්ව ඔහුගේ අවසන් තරඟය වනු ඇති බවත්ය.
ඔහුගේ නිවේදනය නිකුත් වූයේ ටොරොන්ටෝ හි Money in the Bank pay-per-view අතරතුරදීය.
ඒ අනුව ලබන වසරේ Royal Rumble 2025 සහ Elimination Chamber 2025 යන සජීවි ඉසව් ඔහුගේ අවසාන තරග ඉසව් වනු ඇති බව ඔහු පැවසුවා.
2025 අප්‍රේල් 19 සිට 20 දක්වා ලාස් වේගාස් හිදී පැවැත්වීමට නියමිත WrestleMania 41 ඔහු වළල්ලට තරඟ කරන අවසන් අවස්ථාව වනු ඇති බවත් ඔහු වැඩිදුරටත් පවසා තිබෙනවා.