රාජ්‍ය සේවකයින් ගැන සුබ ආරංචියක්

රාජ්‍ය අංශයේ සේවා නියුක්ත මුළු සේවක සංඛ්‍යාව 2022 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂයේ දී සියයට 2.9කින් අඩුවී ඇති බැව් මුදල් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙනවා.

ඉකුත් වර්ෂය (2023) අවසානය වන විට රාජ්‍ය අංශයේ සේවා නියුක්ත මුළු සේවක සංඛ්‍යාව 1,353,860කි.

නව බඳවා ගැනීම් තාවකාලිකව නතර කිරීම, නව තනතුරු ඇති කිරීම අඩු කිරීම සහ විශ්‍රාම ගැන්වීම රාජ්‍ය අංශයේ සේවයේ නියුතු සේවක සංඛ්‍යාව 2023 වර්ෂයේ දී අඩුවීමට හේතුවී ඇති බවයි එම වාර්තාවේ දැක්වෙන්නේ.

එමෙන්ම ඉකුත් වර්ෂය (2023) අවසානය වන විට අනුමත කළ මුළු තනතුරු සංඛ්‍යාව අනුව සේවක සංඛ්‍යා උපයෝජන අනුපාතය සියයට 77කි.

2022 වර්ෂය හා සැසඳීමේ දී එය සියයට හතරක අඩුවීමක් බව වාර්තාව පවසනවා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...