චංගුමී දෙවැනි කොටස එයි.. පළවෙනි කතා මාලාවේදී වයස 32 ක චංගුමීට දැන් 53ක්.. බලන්න පොඩ්ඩක්වත් වෙනස් වෙලා නෑ

ජනප්‍රිය දකුණු කොරියානු නිළි Lee Young-ae රංගනයෙන් දායක වූ දකුණු කොරියානු ඓතිහාසික නාට්‍ය Jewel In The Palace (2003 සිට 2004 දක්වා) ජාතික රූපවාහිනිය ඔස්සේ සුජාත දියණී ලෙස විකාශය වූ නාට්‍ය මාලාවේ දෙවැනි කොටසෙහි රූගත කිරීම් මේ වන විට ආරම්භ කර තිබෙනවා.

රජ මාළිගයක කෝකියකුගේ සිට සිට රාජකීය වෛද්‍යවරයා දක්වා යන කාන්තාවක් වන Jang-geum-‘ චංගුමී’ ලෙස රඟපෑ Lee Young-ae එම චරිතයම පදනම් කරගත් නව නාට්‍යයේ ද කටයුතු කරන බව Fantagio Entertainment සමාගම ජනවාරි මාසයේදී නිවේදනය කර තිබුණා.

කාන්තා වෛද්‍යවරියක් වන Dae Jang Geum ගේ කතාව ඔක්තෝබර් මාසයේ රූගත කිරීම් ආරම්භ කර 2025 මුලදී විකාශය කිරීමට නියමිතයි.

Jewel In The Palace කතා මාලාව Dae Jang Geum ලෙසද හැඳින්වෙන අතර ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින් අතර ජනප්‍රිය වුණේ ‘සුජාත දියණී හෙවත් චංගුමී’ ලෙසයි.

ප්‍රථම කතාමාලාවේ ප්‍රධාන චරිතය නිරූපනය කළ ලී, එවකට 32 වැනි වියේ පසු වූ අතර මේ වන විට ඇගේ වසය අවුරුදු 53 ක්.

මෙම කතා මාලාව ඔස්සේ ඇය ආසියාව පුරා ජනප්‍රිය නමක් බවට පත් වුණා.

ඇයමේ වන විටත් දෙවැනි අදියරේ රූ ගත කිරීම්වලට සහභාගී වී සිටින අතර වසර 21කට පසුවත් ඇගේ රූපය අබමල් රේණුවකින් හෝ අඩු වී ඇති බවක් නම් පෙනෙන්නට නැහැ.

Latest News

More like this

තලපති විජේගේ 51 වැනි උපන් දිනය දා තෑග්ග

ජෝසෆ් විජේ චන්ද්‍රසේකර් නොහොත් දෙමළ සිනමාවේ තලපති විජේගේ 51වැනි...

Sugaගේ පැමිණීමෙන් යළි එක් වූ BTS…

ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ K-pop කණ්ඩායමක් වන BTS හි සන්ධිස්ථානයක්...

තරුණියන් අතර උන්මාදයක් වූ නික් කාටර්ගේ රූපය ඇදහිය නොහැකි ලෙස වෙනස් වෙලා

Back Street Boys ප්‍රධාන ගායක නික් කාටර් හෙවත් නිකොලස්...

මෝහාන්ලාල්ගේ ‘තුඩරුම්’ කොෆියක් බවට චෝදනා

මොහාන්ලාල් සහ ශෝභනා රංගනයෙන් දායක වූ අපරාධ ත්‍රාසජනක චිත්‍රපටයක්...
error: Content is protected !!