දෙමළ ජාතික සන්ධානය දෙකට තුනට කැඩී යන ලකුණු.. දකුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයින්ටත් දැඩි බලපෑමක්

දෙමළ දේශපාලනයේ නූතන පිය චරිතය චරිතය ලෙස සැලකෙන රාජවරෝතියම් සම්බන්ධන්ගේ මරණයෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ (TNA) ඊළඟ නායකත්වය සම්බන්ධයෙන් පක්ෂ අභ්‍යන්තරයේ ගැටුම් හට ගෙන ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

දෙමල ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ නායකයා ලෙස ඒබ්‍රහම් සුමන්තිරන් එම තනතුරට පත් කළ යුතු බව එක් කණ්ඩායමක් පවසන අතර තවත් ප්‍රබල කන්ඩායමක් සෙල්වම් අඩෙයිකලනාදන්ට පක්ෂව සිටියි.

ඒ ජනවාරි 21 වැනිදා ත්‍රිකුණාමලයේදී ඉලංගෙයි තමිල් අරසුකච්චි (ITAK) පැවති නායකත්ව නිලවරණය උසාවියේදී අභියෝගයට ලක්වෙමින් පවතින අවස්ථාවකය.

මේ අතර ජනාධිපතිවරණය සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම සඳහා ද තවත් පිරිසක් කටයුතු කරමින් සිටින බව වාර්තා වෙනවා.

ඒ අනුව දෙමළ ජාතික සන්ධානය කණ්ඩායම් කිහිපයකට බෙදී යාම තුළ එළැඹෙන ජනාධිපතිවරණයේ දී උතුර නැගෙනහිර සුළු ජාතික ඡන්ද දකුණේ අපේක්ෂකයින් අතර බෙදීයාම ද අවිනිශ්චිත තත්ත්වයක පවතින බව දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

ග්‍රාමාරක්ෂක තනතුර සඳහා විභාගයට 8000ක් ගුවන් පථයක බිම ඉන්දවලා…

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ග්‍රාමාරක්ෂක තනතුර සඳහා බඳවා ගැනීමේ තරග...

ආපදාවට ලක් වූ ව්‍යාපාරිකයන්ට මිලියන 25 දක්වා ණයක්

2026 වසරේ රජයෙන් ලබා දෙන සහන පොලී ණය ක්‍රමය...

ශාන්ත පද්ම කුමාරගේ සිදුවීමට අදාළ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

ජාතික ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත පත්ම...

අධ්‍යාපන අමාත්‍යාංශය සිරිමාවෝ විදුහල්පතිනියගෙන් වාර්තාවක් කැඳවයි

සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ මෑතකදී පැවති වර්ණ සම්මාන ප්‍රදානය කිරීමේ...