මාළිමා ආණ්ඩුවක ජගත් මනුවර්ණට චිත්‍රපට සංස්ථාවේ සභාපති වෙන්න බෑ.. කලාකරුවන්ට හොස්පිට්ල්වල වාට්ටු වෙන් කරන්නෙත් නෑ

ජාතික ජන බලවේගයේ දේශපාලනය තුළ තනතුරු හා බලය ලැබෙන්නේ අදාළ විෂය ක්ෂෙත්‍රයන් සඳහා සුදුසුකම් සපුරන ලද අයට මිස එහි දේශපාලනය සඳහා සහභාගී වීම නිල තල ලැබීමට සුදුසුකමක් නොවන බව රංගන ශිල්පී ජගත් මනුවර්ණ පවසනවා.

“ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක කලාව හදන්නේ NPP ය නියෝජනය කරන කලාකරුවන් විසින්මය කියලා එකක් නෑ. දැන් කවුරු හරි හිතන් ඉන්නව නම් ජගා ඉන්න නිසා ජගා කලාව හදයි කියල එහෙම එකක් නෑ. මට වඩා විෂය ප්‍රාමාණිකයෝ ඉන්නව නම් එයාල NPP ද කියල බලන්නෙ නෑ.”

තමා ජාතික ජන බලවේගයේ දේශපාලනය කළ පමණින් හෝ මේ වන විට එක් චිත්‍රපටයක් නිර්මාණය කර ඇති නිසා චිත්‍රපට සංස්ථාවේ සභාපතිත්වය ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක නොලැබෙනු ඇති අතරම එම තනතුරු නිලතල පාර්ලිමේන්තු වරම් සියල්ල ලැබියයුතු සුදුස්සන්ට හිමිවනු ඇතැයි ඔහු සඳහන් කළා.

ජාතික ජන බලවේගයේ කලා හා සංස්කෘතික ප්‍රතිපත්තිය තුළ කිසිම විටක කලා කරුවන්ට විශ්‍රාම වැටුපක් දෙන එක, ගෙයක් හදාගන්න ලෝන් එකක් දෙන එක වාහනයක් ගන්න ලෝන් එකක් දෙන එක වගේ ඒව නෑ. මං දැක්ක ඊයෙ පෙරේදා හාදයෙක් කියනවා කලාකරුවන්ට හොස්පිට්ල්වල වාට්ටු වෙන් කරන්න ඕන කියලා. ලංකාවේ ජනප්‍රිය නළුවෙක් කිව්වෙ. එහෙම කලාව, සාහිත්‍යය, සංස්කෘතිය දියුණු කරන්න බෑ”

ඔහු මේ බව සඳහන් කළේ යූ ටියුබ් හි සංවාදයකට එක් වෙමින්.

Latest News

More like this

ආර්ථිකය යළිත් කඩා වැටෙන බවට රනිල්ගේ අනාවැකිය හරි… IMF වාර්තාවක් තහවුරු කරයි

ශ්‍රී ලංකාවට ලබන වසරේ සියයට 4.2 ක සැලකිය යුතු...

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...