අම්බානි පවුලේ ඉවරයක් නැති මඟුලේ තවත් උත්සවයක්.. කෝටි 83 ක් ගෙවලා ජස්ටීන් බීබර්වත් ගෙන්නලා

ප්‍රකෝටිපතියෙකු වන මුකේෂ් අම්බානිගේ පුත් ආනන්ද් අම්බානිගේ සහ ඔහුගේ පෙම්වතිය වන රාධිකා මර්චන්ට්ගේ පූර්ව විවාහ මංගල්‍ය උත්සව මාලාවේ පසුගිය දා පැවති තවත් එක් උත්සවයකට ජාත්‍යන්තර පොප් ගායක ජස්ටින් බීබර් සහභාගී වී ඇතැයි වාර්තා වෙනවා.

එම උත්සවය සඳහා සහභාගීවීමට කැනේඩියානු ගායක බීබර් සිකුරාදා උදෑසන මුම්බායි වෙත පැමිණි බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.

බොලිවුඩ් සුපිරි නළුවන් වන සල්මන් ඛාන්, ආලියා භාත්, රන්බීර් කපූර්, අර්ජුන් කපූර් සහ ජාන්වි කපූර් මෙන්ම ක්‍රිකට් තරු වන එම්එස් දෝනි සහ විස්සයි20 ලෝක කුසලානය දිනූ හර්දික් පාණ්ඩ්‍යා සහ සූර්ය කුමාර් යාදව් යන ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයින් ද මෙම අවස්ථාවට එක්ව සිටියා

එම සංගීත රාත්‍රියට සහභාගී වීම සඳහා බීබර්ට ඩොලර් මිලියන 10 ක් අම්බානි පවුල ගෙවූ බව වාර්තාවල දැක්වෙනවා. එය දළ වශයෙන් කෝටි 83ක්.

කෙසේවෙතත් ජස්ටින් බීබර් එම අවස්ථාවට සහභාගී වූ අවස්ථාවේ ඔහු හැඳ සිටි බොටම් වර්ගයේ කලිසම දණහිස දක්වා හැලී තිබීම හේතුවෙන් සමාජ මාධ්‍යවල දැඩි ලෙස හාස්‍යයට ලක් වී ඇති බව ද වාර්තා පෙන්වා දෙනවා.

Latest News

error: Content is protected !!