රට පුරා රාජ්‍ය සේවකයෝ ලක්ෂ 8 ක් ලෙඩ වෙති

විධායක මට්ටමේ නිලධාරීන්ට රජය මගින් ලබාදීමට එකඟ වී ඇති රුපියල් 25,000ක දීමනාව සමස්ත රාජ්‍ය සේවකයන්ට ද ලබාදෙන ලෙස ඉල්ලා රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයට අයත් වෘත්තීය සමිති 300කට ආසන්න වෘත්තීය සමිතිවල සාමාජිකයන් අද සහ හෙට (08 දා) අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරතවීමට තීරණය කර තිබෙනවා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන පිරිස සමස්ත රාජ්‍ය සේවකයන් ලක්‍ෂ 14ක් අතරින් ලක්‍ෂ 08ක් පමණ වන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා පවසනවා.

වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා රෙජිස්ට්‍රාර් ජනරාල්, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු සේවකයන්, පරිපාලන නිලධාරීන්, කෘෂිකර්ම, සංවර්ධන නිලධාරී, රියැදුරු, කාර්යාල කාර්ය සහයක, කළමනාකරණ ඇතුළු වෘත්තීය සමිති 300කට ආසන්න පිරිසක් එක්වන බව ද ඒ මහතා සඳහන් කළා.

මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය සඳහා සෞඛ්‍ය, අධ්‍යාපන, ජල, විදුලි, වරාය යන සේවකයන් සහභාගි නොවන බවත් තම ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු නොවුණහොත් එම ආයතනවල සේවකයන් දැවැන්ත වෘත්තීය අරගලයට සහභාගි කර ගැනීමට කටයුතු කරන බවත් සූරියආරච්චි මහතා පවසා සිටියා.

ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා කියා සිටියේ හෙට (09 දා) ගුරුවරුන් ද අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්වන බවයි.

එදිනම රුපියල් 20,000ක දීමනාවක් ඉල්ලා අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයේ නිරත වන බව ඒකාබද්ධ සෞඛ්‍ය සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ සුගතානන්ද හිමියෝ ද පවසා තිබෙනවා.

ලෙඩ නිවාඩු වාර්තා කිරීමෙන් අනතුරුව දහවල් 12.00ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වීමටත්, හෙට දිවයින පුරා ප්‍රධාන නගර ආශ්‍රිතව විරෝධතා පැවැත්වීමටත් කටයුතු කරන බව ද උන්වහන්සේ සඳහන් කර තිබෙනවා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!