මට පුදුමයි හඳයා දස මසක් කුසයේ දරුවෙකු හොවාගෙන ඉන්නා මවක් ගැන පරිකල්පනය කරමින් සමාජයට කව්.. ගී ලියන්නේ කොහොම ද කියලා..??

ප්‍රවීණ අධ්‍යක්ෂවරයකු වන අශෝක හඳගම මහතා 1990 වසරේ දී ඝාතනය වූ මාධ්‍යවේදී රිච්ඩ් ද සොයියාගේ ඝාතනය හා ඔහුගේ මව වන මනෝරාණි සරවනමුත්තු මහත්මිය සිය පුතුගේ ඝාතනය වෙනුවෙන් සිදු කළ ජීවන අරගලය අළලා ‘රාණි’ චිත්‍රපයට නිර්මාණය කර තිබෙනවා.

එම චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කරනු ලැබූ ගීයක් මේ වන විට යූ ට්යුබ් ඇතුළු සමාජ මාධ්‍ය වෙත ද මුදා හැර ඇති ආකාරය දැක ගත හැකියි.

එම නිර්මාණය පිළිබඳ ප්‍රවීණ නිළි අනෝමා ජනාදරී සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ආන්දෝලනාත්මක ප්‍රකාශයක් මෙසේ සිදු කර තිබුණා.

“අසල්වැසි ඉන්දියාවේ ගැහැණු ළමයි ප්‍රසුත වුණහම පොළොවේ ගහලා මරලා දානවා.
ඒ ඇයි…? ඒ ඇයි කියලා හොයලා බලන්න…
ලංකා පොළොවේ එහෙම නොකළත් ඒ දුක දස දහසක් අම්මාවරුන්ගේ මුවින් දස දහස් සංඛ්‍යාත වාරයක් වර නගනවා.
දුව ඉපදුණාට පස්සේ දරුවා වඩා ගන්න, හුරතල් කරන්න මොනම මොහොතකවත් හඳයා කැමති වුණේ නැහැ…
චු කරයි… කක්කා කරයි කියලා…
ඒ හින්දාම ඇඳේ චු කරගන්න-කක්කා කරගන්න ඉඩ තිබ්බේ නැහැ මම…
කොටින්ම ගේ ඇතුළේ ළමයාගේ චූ -කක්කා ගඳ ගහන්න ඉඩ තිබ්බේ නැහැ මම
වැඩ ඇරිලා ගෙදර එන මහත්තයා මහන්සි වෙලා එන්නේ…
එයාගේ නැහැයට -හිතට දන්නෙන ඕන පිරිසුදු කම -පිවිතුරු කම දරුවාගෙනුත් මගෙනුත් දැනෙන්න මම වග බලා ගත්තා.
ඒත් දාරක ස්නේහය නම් මම කවමදාවත් දැක්කේ නැහැ…
මට පුදුමයි හඳයා දස මසක් කුසයේ දරුවෙකු හොවාගෙන ඉන්නා මවක් ගැන පරිකල්පනය කරමින් සමාජයට කව්-ගී ලියන්නේ කොහොම ද කියලා..??
අනෙක් අතට ගැහැණු විඳීම් සියල්ල බලාත්කාරකමින් ඩහැගෙන වෙළඳාම් කරන වෙළඳපල තර්කනයක් ඇතුලේ මේ ‘ඕපපාතික චින්තා’ ගැන මම මොකට වධ වෙනවා ද…?
ස්ත්‍රීවාදී සිනමාකරුවෝ ඔක්කොම පිරිමි…සිනමා විචාරකයෝ ඔක්කොම පිරිමි…ඉතින් ගැහැණුන්ගේ backside එකෙත් අරින ඔක්කොම අසූචි කන්න
කැමැති ඔක්කොම පිසාච පිරිමි…!”

Latest News

More like this

තාත්තා වගේම මමත් සම්මානවලට කැමතියි.. ඒත් මේක අම්මාට..

පසුගිය සතියේ පැවැත්වුණු NDTV Indian of the Year 2025...

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...