පොලී රහිත ණය යෝජනා ක්‍රමයක්

පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණයකට එළැඹී තිබෙනවා.

එම අමාත්‍යාංශය සඳහන් කරන ආකාරයට මෙම යෝජනා ක්‍රමයේ අරමුණ වන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට නොහැකි උසස් පාසල් උපාධිධාරීන්ට රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතනවල උපාධි හැදෑරීමට උපකාර කිරීමයි.

මෙම යෝජනා ක්‍රමය 2017 අයවැය යෝජනාවල කොටසක් බව අමාත්‍යාංශය නිවේදනයයක් නිකුත් කරමින් පවසා තිබෙනවා..

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ සිසුන්ට රු. 800,000 ක් දක්වා මුදලක් කිසිදු පොලියක් අය කිරීමකින් තොරව ලබා ගැනීමේ හැකියාව පවතී.

මේ වන විට අමාත්‍යාංශය විසින් අනුමත කරන ලද රාජ්‍ය නොවන ආයතන 17ක උපාධි පාඨමාලා 100ක් හැදෑරීම සඳහා විවිධ කණ්ඩායම් හතක සිසුන් 17,313 දෙනෙකුට මෙම පොලී රහිත ණය ලබා දී ඇති බව වැඩි දුරටත් සඳහන් වී තිබෙනවා.

Latest News

More like this

NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක්

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට...

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි – මහේෂ් සේනානායක (වීඩියෝ)

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි යන්න...

මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා විනිශ්චයන් දැඩි විවේචනයට !

පසුගියදා පැවැති මිස් වර්ල්ඩ් ශ්‍රී ලංකා 2025 තරඟාවලියේදී ලබා...

මාතලේ මිනී ඇටකටු ගැන කියමින් මගේ දේශපාලන ජීවිතය විනාශ කිරීමේ උත්සහයක් පවතිනවා.. රෝහිණි කවිරත්න

88-89 වකවානුවේ හා එල්.ටී.ටී.ඊ සංවිධානය දළඳා මාළිගාවට එල්ල කළ...
error: Content is protected !!