සමාජෙට බම්බු ගහගන්න කියලා තමන්ට ඕනෑ විදියට ක්‍රිකට් ගහන වනිඳුට තවත් දඩයක්

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා ප්‍රිමියර්ලීග් (LPL) තරගාවලිය අතරතුර නුවර කණ්ඩායමට නායකත්වය දෙන වනිදු හසරංගට රු ලක්ෂ 11 ක දඩයක් නියම කර තිබෙනවා.

එම දඩ මුදල ගෙවීමට ඔහුට නියම කර ඇත්තේ තරග නීති උල්ලංඝනය කරමින් ක්‍රීඩා ඇඳුම් හා උපකරණ භාවිතා කිරීමේ චෝදනාව මතයි.

තරගාවලියට එක්වන සියලුම ක්‍රීඩකයන්ට තම කණ්ඩායමට අයත් ඇඳුම් හා උපකරණ ලබා දී තිබියදී වනිදු හසරංග ඊට අදාළ නොවන ලාංඡනයක් සහිත හෙල්මටයක් පැළඳ ක්‍රීඩා කිරීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඔහු එම හෙල්මටය පැළඳ ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවේ විනිසුරුවා එය ඉවත් කර වෙනත් හෙල්මටයක් පලදින ලෙස උපදෙස් දී ඇතත් වනිදු විනිසුරු තීරණයට අවනත නොවීම හේතුවෙන් මෙම දඩ මුදල නියම කීරිමට කටයුතු කර තිබෙනවා.

Latest News

More like this

2026 IPL – පැතුම් කෝටි 13 කට අලෙවි වේ

IPL 2026 කුඩා වෙන්දේසියේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම්...

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...