සජිත්ගේ තවත් පාලන හැකියාවක් එළියට.. නිවාස ඇමති කාලේ අවිධිමත් ලෙස ණය ලබා දීම හේතුවෙන් රජයට සිදු වූ පාඩුව මිලියන 5564ක්

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළ (2015-2019) අවිධිමත් ලෙස නිවාස ණය ලබා දීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 5564කට අධික පාඩුවක් සිදුව ඇතැයි අනාවරණය වී තිබෙනවා.

මේ බව අනාවරණය කරමින් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියාරච්චි මහතා පවසන්නේ මේ හේතුවෙන් සජිත් ප්‍රේමදාස මහතා එවකට නිවාස ඇමැතිවරයාව සිටි කාලයේ දී අවිධිමත් ලෙස ලබා දුන් නිවාස ප්‍රතිලාභීන් 53709දෙනකුගේ ණය සීමා කිරීමට සිදු වූ බවයි.

ඉන් රජයට රුපියල් මිලියන 7852කට අධික මුදලක් ඉතිරි කරගත හැකි වූ බව ඔහු සඳහන් කළා.

වත්මන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා නිවාස ඇමැතිවරයා ලෙස කටයුතු කළ 2015-2019 කාලය තුළ ක්‍රියාත්මක කළ නිවාස ව්‍යාපෘති ගණන 7කි.

ආදර්ශ ගම්මාන විසිරි ණය ආධාර, වකුගඩු ආධාර, විරු සුමිතුරු ආධාර, ග්‍රාම ශක්ති, විසිරි ආධාර හා ගංවතුර ආධාර එම නිවාස වැඩසටහන් හතයි.

ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති රජීව් සූරියාරච්චි මහතා පවසන්නේ මෙම අවිධිමත් නිවාස ණය ලබා දීම වැඩි වශයෙන් සිදුව ඇත්තේ 2018 හා 2019 වසරවල බවයි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තමා නිවාස ඇමැතිවරයා වශයෙන් ක්‍රියා කළ කාලය තුළ ආරම්භ කළ නිවාස ණය ලබාදීම අත්හිටුවා ඇතැයි පසුගියදා පාර්ලිමේන්තුවේ දී චෝදනා කර තිබුණා..

ඊට ප්‍රතිචාර දක්වමින් සභාපති රජීව් සූරියාරච්චි මහතා පවසන්නේ මෙලෙස ණය සීමා කර ඇත්තේ ප්‍රේමදාස මහතා අවිධිමත් ලෙස ලබා දුන් ණය බවයි.

මෙම ණය සීමා කිරීම සිදු කෙරුණේ එම ණය හිමියන්ගේ ද එකඟතාව මත බව ද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.

Latest News

More like this

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...

NVQ3 මට්ටමේ ස්මාර්ට් වෙල්ඩර් පුහුණු පාඨමාලාවක්

වයස අවුරුදු 18 සම්පූර්ණවු සියලු තරුණ තරුණියන්ට අයදුම් කිරීමට...

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි – මහේෂ් සේනානායක (වීඩියෝ)

එජාපය සහ සජබ එකතු වී වැඩ කළ යුතුයි යන්න...
error: Content is protected !!