මැරෙන්න පොඩි වෙලාවකට කලින් ‘ක්ලබ් වසන්ත’ ෆේස්බුක් එකේ ෂෙයාර් කරපු වීඩියෝ එක.. ‘පොඩි මිනිහට තමයි හැමදේම කියලත් කියලා’

අතුරුගිරිය ප්‍රදේශයේ අද (08) උදෑසන සිදු වූ වෙඩි තැබීමකින් ප්‍රසිද්ධ ව්‍යාපාරික ක්ලබ් වසන්ත හෙවත් වසන්ත සුරේන්ද්‍ර පෙරේරා ඝාතනය වුණා.

මීට පැය තුනකට පෙර ඔහු ඔහුගේ ෆේස්බුක් ගිණුමේ ද සක්‍රීය වී සිට ඇති අතර ඔහු අවසාන වශයෙන් ඔහුගේ ගිණුමේ බෙදාගෙන ඇත්තේ කෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පසුගිය දා සහභාගී වූ දේශපාලන වැඩසටහනක කොටසකි.

එම සංස්කරණය කරන ලද වීඩියෝ කොටසෙහි ධම්මික පෙරේරා පැහැර ඇති බදු ගෙවීම් පිළිබඳ ප්‍රශ්ණ කරන ආකාරය සටහන් වුණා.

වසන්ත සුරේන්ද්‍ර මහතා එම වීඩියෝ කොටස ඔහුගේ ගිණුමේ Share කර ඇත්තේ ‘පොඩි එකාට තමයි හැම බද්දක්ම’ යනුවෙන් සටහන් කරමින්.

මෙම වෙඩි තැබීමෙන් ජනප්‍රිය ගා‍යන ශිල්පී කේ සුජීවා ද තුවාල ලබා මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව වාර්තා වෙනවා.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...