අතුරුගිරිය වෙඩි වැදීමෙන් කේ සුජීවාගේ ඉනෙන් පහළ ප්‍රදේශයට බරපතල තුවාල

අතුරුගිරිය ප්‍රදේශයේ අද(08) උදෑසන සිදු වූ වෙඩි තැබීමෙන් තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයට ඇතුළත් කරනු ලැබූ ගායන ශිල්පිනී කේ.සුජීවා මහත්මියගේ තුවාල බරපතල තත්ත්වයේ පැවතුණත් ඇය සිහි කල්පනාව සහිතව හොඳින් සිටින බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා පවසා තිබෙනවා.

එම සිදුවීමට අදාළව කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව ඒ මහතා සඳහන් කළා.

එම දෙදෙනාගේම ඉණෙන් පහළ කොටසට වෙඩි වැදී ඇති බවත් කාන්තාවගේ බරපතල තුවාල කකුලෙහි දක්නට ඇති බවයි ඔහු පැවසුවේ.

ඒ නමුත් ඇය සිහිය ඇතිව යම් ස්ථාවර තත්ත්වයක මේ වන විට පසු වන බව ඒ මහතා පවසා සිටියා.

කෙසේ වෙතත් වෙඩි වැදුණු තත්ත්වයේ පසුවන තැනැත්තෙකුගේ තත්ත්වය වරින් වර වෙනස් විය හැකි බවත් ඔහු වැඩි දුරටත් පවසා තිබෙනවා.

Latest News

error: Content is protected !!