ජනාධිපතිවරණ වැළැක්වීමේ පෙත්සම ඉවතට

ජනාධිපතිවරණ දිනය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථකථනය කරන තෙක් ජනාධිපතිවරණයක් කැඳවීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ව්‍යාපාරික සී.ඩී.ලෙනව නම් තැනැත්තෙකු විසින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් (FR) පෙත්සම අගවිනිසුරුවරයා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් නිෂ්ප්‍රභ කර තිබෙනවා..

රුපියල් ලක්ෂයක නඩු ගාස්තුවට යටත්ව පෙත්සම නිෂ්ප්‍රභා කෙරුණ අතර එම නඩු ගාස්තුව මසක් ඇතුළත් අධිකරණයේ තැන්පත් කළ යුතු බවට ද පෙත්සම් කරුට නියෝග කෙරුණා.

මීළඟ ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය පිළිබඳව අධිකරණය විසින් අර්ථ නිරූපණය කරන තෙක් දැනට නියමිත කාලසීමාව තුළ ජනාධිපතිවරණය පැවැත්වීම වළක්වාලමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සමෙන් ඉල්ලීම් කර තිබුණා.

මෙම පෙත්සමට එරෙහිව ජාතික ජන බලවේගය (NPP), අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ (IUSF) වසන්ත මුදලිගේ, ජාතික නිදහස් පෙරමුණේ (NFF) විමල් වීරවංශ සහ සමගි ජන බලවේගය (SJB) ඇතුළු පාර්ශවයන් ගණනක් ඉදිරිපත් වී පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස ඉල්ලා සිටියා.

Latest News

More like this

රේල් පාරක් හදලද? තමිල්නාඩුවේ විජයගේ ෆිල්ම් එකක් රිලීස් වෙලාද?

ජනාධිපතිවරයාගේ සිට ආණ්ඩුවේ ප්‍රබලයින් පවසන ආකාරයට පසුගිය නොවැම්බර් මාසයේ...

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම නිසා මිනිහෙක් මළත් නලින්දව හිරේ යවන්න බෑ

ඉන්දීය ෆාමකෝපියා ගිවිසුම අත්සන් කරමින් මීට පෙර නීතිවිරෝධීව සිදු...

රන්වලගේ ලයිසන් එක කැන්සල්… තුවාල නොලැබූ සැකකරු තවමත් රෝහලේ ඇයි?

හිටපු කථානායක ජාතික ජනබලවේගය පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී...

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා… අගමැතිනි හරිනි

ජාතික ජන බලවේගයේ 'ලස්සන රටක් පොහොසත් ජීවිතයක්' ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන්...