අතුරුගිරියේ ටැටූ මධ්‍යස්ථානයක් විවෘත කිරීමට සහභාගී වී සිටිය දී ඝාතනය කෙරුණු ප්‍රසිද්ධ ව්‍යාපාරික ක්ලබ් වසන්‍ත නොහොත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය විදේශයක සිට මෙහෙයවා ඇති බවට තොරතුරු අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසනවා.
මියගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා සහ ඝාතනය සැලසුම් කළ පාර්ශවය අතර දීර්ඝ කාලයක් තිස්සේ පැවති මතභේදයක් ඝාතනයට හේතු වී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.
එමෙන්ම මෙම ඝාතනය සිදු වූ ටැටූ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයට සුරේන්ද්‍ර වසන්ත පෙරේරාප් සම්බන්ධ කර ගනු ලැබුවේ කිසියම් සැලැස්මකට අනුව ද යන්න පිළිබඳ බරපතල සැකයක් පවතින බව ද පොලිසිය පවසනවා.
සිද්ධිය සිදු වූ අවස්ථාවේම ගුවන් තොටුපළ ඇතුළු බලධාරීන් දැනුම්වත් කළ අතර ඝාතකයින් රටින් පලා ගිය බවට තොරතුරු මෙතෙක් වාර්තා වී නොමැති බව ද නිහාල් තල්දූව මහතා සඳහන් කළා.
එමෙන්ම ටැටූ මධ්‍යස්ථානය තුළ තිබී රිවෝලරයක් හමු වී ඇති බවත් එය හමු වුණේ මියගිය වසන්ත පෙරේරා මහතාගේ බිරිඳගේ අත් බෑගයෙන් බවත් ඔහු පවසා සිටියා.
එමෙන්ම ටැටූ මධ්‍යස්ථානයේ තිබී හමුවූ උණ්ඩවල KPI යන සලකුණක් තිබී හමු වී ඇති බව ද සඳහන්.
ඒ අනුව මෙම ඝාතනයට පාතාල නායක කංජිපානි ඉම්රාන්ගේ සම්බන්ධතාවක් පවතින බවට ද මේ වන විට සැක මතු වී තිබෙනවා.
අද (08) උදෑසන සිදු වූ මෙම සිදුවීමෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඇතුළු එක් පුද්ගලයෙක් මිය ගිය අතර තුවාල ලැබූ කේ සුජීවා සහ ක්ලබ් වසන්තගේ බිරිඳ වන මැණික් විජේවර්ධන යන අයට සැත්කම් දෙකක් සිදු කළ බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
වෙඩි තබන අවස්ථාවේ ක්ලබ් වසන්තගේ ආරක්ෂක නිලධාරියකු ද එම ස්ථානයේ සිට ඇති අතර වෙඩි තබන අවස්ථාවේ ඔහු සැඟවී සිටින ආකාරය CCTV දර්ශනවල සටහන් වුණා.
එමෙන්ම ඝාතකයින් පැමිණි සුදු පැහැති කාරය මේ වන විට පොලිසිය අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.