විස්සයි 20 ලෝක කුසලානයේ දකුණු අප්‍රිකානු තරගයට පෙර දින රෑ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගත්තු සැප ලීක් වෙයි.

2024 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු තරගයට පෙර දින රාත්‍රියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් සහභාගී වූ මත්පැන් සාදයක් සම්බන්ධයෙන් තොරතුරු මේ වනවිට අනාවරණ වී තිබෙනවා.

එම වාර්තාවල දැක්වෙන්නේ, අදාළ සාදය කණ්ඩායමේ සහකාර කළමණාකරුගේ කාමරය තුල සිදු වූ බවයි.

ඊට ප්‍රමුඛ පෙළේ පිතිකරුවන් තිදෙනෙක්, වේග පන්දු යවන ක්‍රීඩකයෙක් සහ ලෝක ප්‍රසිද්ධ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු ද සහභාගී වී ඇති බවට තොරතුරු වාර්තා වනවා.

මෙය ICC තරග නීති උල්ලංඝනය කිරීමක් බව ක්‍රීඩා විචාරකයින් පෙන්වා දී තිබෙනවා.

කෙසේ වෙතත් කණ්ඩායමේ වගකිව යුතු නිලධාරීන්ට සහ මාධ්‍යයට මෙම සිද්ධිය වාර්තා කළ යුතුව තිබුණ ද එය එසේ සිදු කර නැහැ.

ඊට අදාළ උපදෙස් ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් ජ්‍යෙෂ්ඨ උපදේශකයෙකු විසින් ලබා දී ඇති බවට අදාළ මාධ්‍ය වාර්තාවල සඳහන්.

සංචාරය අතරවාරයේ දී කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් තිදෙනෙකු එකවරම අතුරුදහන් වී තිබුණා.

ඔවුන් තිදෙනා ප්‍රමාදයකින් පසුව නැවත කටාර් ගුවන් තොටුපල වෙත පැමිණීම හේතුවෙන් අත් වූ ප්‍රමාද දෝෂය වාර්තාවට ඇතුළත් කර නොමැති බවටයි තොරතුරු වාර්තා වන්නේ.

Latest News

More like this

අපේ ක්‍රීඩකයින් පාකිස්තානයේදී ගත් තීරණය පිටුපස තුන්වැනි පාර්ශවයක්

පාකිස්ථාන තරග සංචාරයේ නිරත ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක්...

ඉන්දික ගමගේ ඩුබායි T100 Dubai 2025 තරගයේ ලෝකඩ පදක්කම දිනාගනී

පසුගියදා ඩුබායි හි පැවති 2025 - ඩුබායි T100 Traithlon...

බෙල්ජිම් මැරතන් තරගයේ දී ශ්‍රී ලංකාවේ JOYSON JAFFRY දක්ෂතා අතරට

2025 Brussels Airport Marathon - අර්ධ මැරතන් ධාවන තරගයේ...

LPL: ‘දඹුල්ල තන්ඩර්ස්’ කණ්ඩායමේ හිමිකරුට අධි චෝදනා

ඉකුත් වසරේ පැවති LPL ක්‍රිකට් තරගාවලියේදී එම තරගාවලියට සහභාගි...