මුහුණේ ලේ තැවරුණු 16 හැවිරිදි දැරියගේ සිරුර රබර් වත්තකින් මතුවේ

මුහුණේ ලේ තැවරුණු තුවාල සහිතව සැකකටයුතු ලෙස මියගොස්ව සිටි 16 හැවිරිදි දැරියකගේ සිරුරක් නිවිතගල පොලීසිය විසින් ඊයේ (08) සොයාගෙන තිබෙනවා.

ඒ නිවිතිගල, වටාපොත, යොවුන් ගම්මානයේ රබර් වගා ඉඩමක් අසල ඇති අඩි පාරක වැටී තිබිය දීය.

එලෙස මියගොස් ඇත්තේ, වටාපොත, යොවුන් ගම්මානය ප්‍රදේශයේ පදිංචිව සිටි 16 හැවිරිදි පාසල් දැරියකි.

මරණකාරියගේ මව වටාපොත විහාරස්ථානය අසල වෙළෙඳසැලක් පවත්වාගෙන යනු ලබන අතර මෙම සිදුවීම වූ දිනයේ දැරිය පාසල් නොයාම හේතුවෙන් තනිව නිවසේ සිට ඇතැයි පොලිසිය පවසනවා.

ඒ හේතුවෙන් දැරියට වෙළෙඳසැල වෙත පැමිණෙන ලෙස මව විසින් දුරකථන ඇමතුමක් ලබා දී තිබෙනවා.

වෙළෙඳසැල වෙත පැමිණීම ප්‍රමාදවීම හේතුවෙන් මව වෙළෙඳසැලේ සිට නිවස දෙසට යමින් සිටියදී රබර් වගාවක් මැදින් ඇති අඩිපාරේ ගමන් කරමින් සිටිය දී සැකකටයුතු ලෙස මියගොස් සිටි දැරිගේ මෘත ශරීරය හමුවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඇය නිවසේ සිට ගමන් කරමින් සිටියදී රබර් වත්තේ කපා හෙලන ලද රබර් ගසක අත්තක් වැදීම හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බවට පොලීසිය විසින් දැනට සැකකරුනු ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් නිවිතිගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Latest News

More like this

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...