අලුත් ජනාධිපති පිළිබඳ ඉරානයේ කතුන් දරුවන් සහ තරුණයින් තුළ නව පිබිදීමක්

ඉරාන පාර්ලිමේන්තුවේ සාපේක්ෂ වශයෙන් මධ්‍යස්ථ මන්ත්‍රීවරයෙකු ලෙස සැලකෙන මසාවුද් පෙසෙෂ්කියන් (Masoud Pezeshkian) පසුගිය සිකුරාදා පැවති ජනාධිපතිවරණයේ දී ඔහුගේ දැඩි ගතානුගතික ප්‍රතිවාදියා පරාජය කිරීමෙන් පසු ඉරානයේ මීළඟ ජනාධිපතිවරයා ලෙස ප්‍රකාශයට පත් කෙරුණා.

69 හැවිරිදි නව ජනාධිපතිවරයා පසුගිය මාසයේ හෙලිකොප්ටර් අනතුරකින් මිය ගිය ඊබ්‍රහිම් රයිසි (Ebrahim Raisi) වෙනුවට පත් කරනු ලැබූ නායකයායි.

ඔහු බලයට පත් වීමත් සමඟ ඉස්ලාමීය අන්තවාදීන් සහ එරට අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනිගේ බලය බිඳ වැටෙමින් පවතින බව වාර්තා පවසනවා.

ඒ අනුව මසාවුද් පෙසෙෂ්කියන් බලයට පත් වීම පැවති රජයේ නිදහස සීමා කිරීම් පිළිබඳ කළකිරීමෙන් සිටි තරුණ තරුණියන් දැරියන් සහ කාන්තාවන්ට නව බලාපොරොත්තුවක් ඇති කර ඇතැයි වාර්තාවල දැක්වෙනවා.

ඔහු බලයට පත් වන්නේ බොහෝ දෙනා තම අනාගතය ගැන කලකිරී සිටි මොහොතක වීම විශේෂත්වයකි.

ඇතැමුන් රට හැර ගොස් වෙනත් තැනක යහපත් ජීවිතයක් ගත කිරීමට පවා සැලසුම් කරමින් සිටි වාතාවරණයකයි.

1990 ගණන්වලදී ඔහුට රිය අනතුරකින් ඔහුගේ බිරිඳ සහ ඔහුගේ එක් දරුවෙකු අහිමි වුණා.

ඔහු නැවත විවාහ නොවූ අතර ඔහුගේ අනෙක් දරුවන් තිදෙනා තනිව ඇති දැඩි කළ ආදරණීය පියෙක් බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය වස බීලා !

උසස් පෙළට පෙර දින රෑ නිවසේදී මියගිය දඹුල්ලේ සිසුවිය...

‘දුඹුරු සීනි පියා’ කියනවට SH කැමති ලු !

තමන්ට බොහෝ දෙනෙක් ‘දුඹුරු සීනි පියා' (Brown Sugar Daddy)...

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...
error: Content is protected !!