බන්ධනාගාර නිලධාරිනිය සිර මැදිරිය තුළ සිරකරුවෙකු සමඟ ලිංගිකව එක් වූ වීඩියෝවක් බ්‍රිතාන්‍යයේ සමාජ මාධ්‍යවල ලැව්ගින්නක් වගේ පැතිර යයි..

එක්සත් රාජධානියේ බන්ධනාගාර නිලධාරිනියක් සිරකරුවෙකු සමඟ ලිංගිකව එක්වන අයුරු දැක්වෙන දර්ශන විශාල වශයෙන් ප්‍රචාරය වීමෙන් පසු එම නිලධාරිනිය අත්අඩංගුවට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

මෙම දර්ශනය අන්තර්ජාලය ඔස්සේ පළ වීමෙන් පසු පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ අතර මෙම දර්ශන ලන්ඩනයේ HMP Wandsworth බන්ධනාගාරය තුළ රූගත කර ඇති බව වාර්තා වෙනවා.

මෙම දර්ශන ලබාගත්තේ කවදාදැයි නොදන්නා නමුත් එය සමාජ මාධ්‍යවල පුළුල් ලෙස බෙදා හැරීමෙන් පසු මෑත කාලීනව විමර්ශනය ආරම්භ කළ බව වාර්තා වෙනවා.

රජයේ ආයතනයක සිදු වූ විෂමාචාරය සම්බන්ධයෙන් සැකපිට කාන්තාවක් ජුනි 28 වැනි දින අත්අඩංගුවට ගත් බව මෙට්‍රොපොලිටන් පොලිසිය සෙනසුරාදා තහවුරු කළා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ නිරිතදිග ලන්ඩනයේ ෆුල්හැම් හි 30 හැවිරිදි ලින්ඩා ඩි සූසා ආබෲ නම් නිලධාරිනියක්.

ඇය මේ වන විට අත්අඩංගුවේ පසුවන අතර Uxbridge මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව ද වාර්තා පවසනවා.

Latest News

error: Content is protected !!