“ක්ලබ් වසන්ත” ක්ලබ් රස්සාවට තිත තියපු හේතුව.. නැවත පටන් ගන්න ජනාධිපතිගේ අනුමැතිය ගන්නත් උත්සහ කරලා

“මම යම් යම් විරෝධතාවලට මුහුණ දුන්නා. නමුත් වඩා වැදගත් දෙය නම්, පවතින පරිසරයට අනුව සමාජ ශාලා පවත්වාගෙන යාම තේරුමක් නැති දෙයක් බව මං තේරුම් ගෙන තිබෙනවා. සංචාරක කර්මාන්තය දියුණු වුණේ නැහැ. කෙසේ වෙතත්, නැවත වරක් සමාජ ශාලා ප්‍රවර්ධනය කිරීමට රජය මා වෙත පැමිණ ඇති අතර, මම ඒ ගැන උනන්දු වෙනවා. ජනාධිපතිතුමාගේ අනුදැනුම ඇතිව නිසි රෙගුලාසිවලට අනුව මේ කටයුතු සිදු කළ හැකි නම් නැවත එම කාර්යයට යොමු වීම ගැන සලකා බලනවා.”

මෙසේ පවසා ඇත්තේ ඊයේ (08) වෙඩිතබා ඝාතනය කරන ලද සුරේෂ් වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත, 2022 නොවැම්බර් 18 වැනි දින ලංකාදීප යූ ටියුබ් නාලිකාවේ දනු ඉන්නසිතම්බි සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්. එහි දී ඔහු වැදගත් කරුණු රැසක් අනාවරණය කර තිබෙනවා.

එහිදී ඔහු පවසන්නේ, පාර්ලිමේන්තුව නියෝජනය කරන මැති ඇමතිවරුන්ගෙන් සියයට 60ක් තම මිතුරන් බවයි.

එසේම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙන්ම ඔහුගේ දරුවන් සමගද තමාට දීර්ඝ කාලීන මිත්‍රත්වයක් පවතින බවද ඔහු එහිදී අනාවරණය කළා..

පහතින් දැක්වෙන්නේ, එම සම්මුඛ සාකච්ඡාවෙන් උපුටා ගන්නා ලද කොටස් කිහිපයකි.

ප්‍රශ්නය – ක්ලබ් වසන්ත කියන නම ඔබට ආපු හැටි පැහැදිලි කරන්න පුළුවන්ද?
පිළිතුර – මුලදී මම තරු පහේ හෝටල්වල පටන් ගත්තු සමාජ ශාලා එකක් දෙකක් කළමනාකරණය කළා. කාලයාගේ ඇවෑමෙන්, හෝටල්වලින් පිටත සමාජ ශාලා ඇති කිරීමට ප්‍රවණතාවක් ඇති කළ පළමු පුද්ගලයා මම. මම අවසානයේ සමාජ ශාලා 19 දක්වා පුළුල් කළා. අවශ්‍ය බලපත්‍ර සහිතව වෙනත් අයට නීත්‍යානුකූලව ක්‍රියා කළ හැකි බව සහතික කිරීමට මම බලධාරීන් සමඟ ද කටයුතු කළා.

ප්‍රශ්නය – ඔබ දැන් සමාජ ශාලාවල කටයුතු සම්පූර්ණයෙන්ම නවතා දමා තිබෙනවා. ඔබේ දරුවාගේ විවාහ උත්සවය නිසාද?
පිළිතුර – මම යම් යම් විරෝධතාවලට මුහුණ දුන්නා. නමුත් වඩා වැදගත් දෙය නම්, පවතින පරිසරයට අනුව මේවා පවත්වාගෙන යාම තේරුමක් නැති දෙයක් බව මට වැටහුණා.

ප්‍රශ්නය: ඔබ අනෙක් අය මෙන් නොව නීත්‍යානුකූලව ඔබේ කටයුතු කරගෙන යාමට සහ ආදායම් බදු ගෙවීමට ප්‍රසිද්ධයි. නීත්‍යානුකූලභාවයට ප්‍රමුඛත්වය දීමට ඔබව පෙළඹවූයේ කුමක්ද?
පිළිතුර – එහෙම නැත්නම් මට අනිත් අයට වැඳ වැටෙන්න වෙනවා. හැබැයි පාර්ලිමේන්තුවේ ඉන්න අයගෙන් සියයට 60කට වඩා මගේ යාළුවෝ.

ප්‍රශ්නය – ඔබ රාජපක්ෂලාට සමීප බව රහසක් නොවේ. රාජපක්‍ෂලා සහ මිනිසුන් අතර ඇති වී තිබෙන වෛරය හමුවේ ඔවුන් සමඟ ඇති මිත්‍රත්වය දුරස් කළ යුතු යැයි ඔබ කවදා හෝ සිතුවාද?
පිළිතුර – නැහැ. මහින්ද රාජපක්ෂ මහතා සමඟ මගේ මිත්‍රත්වය වසර ගණනාවක් පුරා දිවෙන අතර ඔහුගේ දරුවන් සමඟද දිගටම පවතිනවා. ඔහු මහත්මයෙක්. අපි කවදාවත් අපේ මිත්‍රත්වය පවත්වා ගැනීම ගැන පමණක් අවධානය යොමුකරමින් දේශපාලනය ගැන සාකච්ඡා කර නැහැ.

ප්‍රශනය – ඩුබායි ජීවිතේ කොහොමද?
පිළිතුර – එය ඇත්තෙන්ම විනෝදජනක සහ සාමකාමී දෙයක්. මමත් එහි ආයෝජනය කර තිබෙනවා.

Latest News

More like this

හිටපු ඇමති ටිරාන්ට ඩුබායි පාතාලයෙන් මරණ තර්ජන

හිටපු මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතාට පෙරේදා ඩුබායි...

කථානායකවරයා රාජ්‍ය දේපළ අවභාවිත කරන බවට එල්ලවන චෝදනාවට පිළිතුරු

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා සහ ඔහුගේ පෞද්ගලික කාර්ය...

ඩොලර් මිලියන 6.9ක් රටට පාඩු කළ චීන පොහොර මගඩිය ගැන විමර්ශන CIDය වේගවත් කරයි

ශ්‍රී ලංකාව සහ චීන සමාගමක් වන කිංඩාඕ සීවින් බයෝටෙක්...

කොතලාවල වෛද්‍ය පිඨයට සාමාන්‍ය සිසුන් 100ක් ඇතුළත් කර ගැනීම අනිවාර්ය කෙරේ

ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) වෛද්‍ය පීඨය...
error: Content is protected !!