පලතුරු විස වන්නේ මෙහෙමයි

පළතුරු සඳහා වන ගෝලීය ඉල්ලුම වැඩිවීම මත පළතුරුවලට විෂ රසායන ද්‍රව්‍ය එක් කිරීම වැඩි වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්.එම්.සදුන් හේමන්ත රත්නායක මහතා පවසා තිබෙනවා.

මේ ඒ පිළිබඳ ඔහු රචනා කරන ලද ලිපියකි.

කුඩා දරුවාගේ පටන් වයසින් වයෝවෘද්ද අයෙක් දක්වාම බියකින් තොරව අප ලබා දෙන එකම ආහාරය පළතුරු නොවේද?

නමුත් අප සමීපතමයන් උදෙසා විස්වාසයෙන් යුතුව ලබා දීමට අප මිලදී ගන්නා පළතුරු මත ඇතැම්විට මාරයා ද සැගව ඇති බව ඔබ කිසිසේත් නොසිතන්නට ඇති.

ගෝලීය ඉල්ලුම වැඩිවීම නිසා පලතුරු ඉදවීමේදී විෂ සහිත රසායනික ද්‍රව්‍ය සෞඛ්‍යයට අහිතකර ලෙස භාවිත කිරීමට හේතු වී තිබෙනවා. සාමාන්‍යයෙන් භාවිත වන එවැනි රසායනික ද්‍රව්‍යවලින් එකක් වන්නේ කැල්සියම් කාබයිට් (CaC2) ය.

මෙය ශ්‍රී ලංකාව තුළ භාවිත කිරිම පිළිබඳව නිසි නීතී සහා දඩුවම් සකස් කර නැති බැවින් වෙළෙන්දන් මෙය ඉතාමත් අධික මාත්‍රා වලින් භාවිතා කරනවා

එසෙම මෙය භාවිත කිරිමේදි වෙළෙන්දන් සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ භාවිත නොකිරීම නිසා මෙම කැල්සියම් කාබයිට් (CaC2) භාවිත කරන වෙළෙන්දන් මුලින්ම රෝගවලට ගොදුරු වන බව ඔවුන්වත් නෙදන්න කාරණාවක්. අඩුම වශයෙන් අත් වැසුමක්වත් ඔවුන් මෙම රසායනික ද්‍රව්‍ය භාවිත කරන අවස්ථාවලදී යොදා ගනු ලබන්නේ නැහැ.

මෙම රසායනික ද්‍රවයේ ස්වභාවය මත, වාණිජ CaC2 ආසනික්, තවත් බැර ලෝහ, විෂ රසායනික ද්‍රවය සහ පිළිකා කාරක රසායනික ද්‍රව්‍ය වැනි උග්‍ර අපද්‍රව්‍ය අඩංගු බව පර්යේෂණ මගින් සොයා ගෙන ඇත.

පර්යේෂණ කිහිපයක් වාර්තා කර ඇති අයුරින් CaC2 හේතුවෙන් හදිසි උග්‍ර රෝගී තත්වවලට පත් කරන බලපෑම් සිදුවන බව තහවුරු වී තිබෙනවා.

එහි නිදන්ගත හා දිගු කාලීන බලපෑම පිළිබඳ ඇත්තේ විරල සාක්ෂි පමණකි.

තවද මෙම රසායනික ද්‍රව්‍ය ආශ්වාස කරන අවස්ථාවකදී එතිලීන් වායුව ආග්‍රහනය වීම මගින් අධික හිසරදය, කරකැවිල්ල, තෙහෙට්ටුව, හිස කැක්කුම, ව්‍යාකූලත්වය හා සිහිසුන්භාවයද ඇති විය හැකියි.

එමෙන්ම එතිලීන් යනු අධික ලෙස දැවෙන සහ ප්‍රතික්‍රියාශීලී රසායනික ද්‍රව්‍යයක් වන බැවින් අනතුරුදායක ගිනි ගැනීම් පිපිරුම් වැනි උවදුරු ද ඇති වීමට බොහෝසේ ඉඩ පවතී.

මෙම කැල්සියම් කාබයිට් (CaC2) සෘජුව ස්පර්ශ විම මගින්, සමේ පිළිස්සුම්, සමේ පලු ඇතිවිම් සහ දැවිල්ල වැනි තත්ව යනුත් ඇති වන බව, කැල්සියම් කාබයිට් ( CaC2) හි උග්‍ර බලපෑම් පිළිබඳ පරික්ෂණ වාර්ථාවලින් තහවුරු වි ඇත.

වාර්තා වූ අනතුරු අවස්ථා තිබියදීත්, පලතුරු ඉදවීම සඳහා වාණිජ කැල්සියම් කාබයිට් (CaC2) හි වැඩි වීමක් මෑත කාලයේ වාර්තා වී ඇත,

විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල, බොහෝ වෙළෙන්දෝ විෂ සහිත බලපෑම්/අවදානම සහිත මෙවන් කාරණා නොසැලකිලිමත් ලෙස සලකනු ලැබීම අභාග්‍යක්.

එමනිසා, මෙම අධ්‍යයනය මගින් කැල්සියම් කාබයිට් ( CaC2) පිළිකා, හෘද වාහිනී අක්‍රියතාව, දියවැඩියා රෝගය සහ වෙනත් ප්‍රේරණය සඳහා හැකි යාන්ත්‍රණ යෝජනා කරන අතරම වාණිජ CaC2 හි නිදන්ගත බලපෑම පිළිබඳ පර්යේෂණ‍යන් වල හිඟකම ඉස්මතු කරයි.

තවද, සෞඛ්‍යයට CaC2 හි නිදන්ගත බලපෑම් හෙළිදරව් කිරීම සඳහා වැඩිදුර අධ්‍යයනයන් පිළිබඳ යෝජනා සහ අවම හෝ ශුන්‍ය විෂ සහිත පලතුරු ඉදවීමට ආදේශක නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

අවසාන වශයෙන්, CaC2 හඳුනාගැනීමේ තාක්ෂණයන් සහ නව්‍ය බිම් මට්ටමේ අධ්‍යාපනික වැඩසටහන් වැඩිදියුණු කිරීම වැනි අනෙකුත් යෝජනා, පලතුරු ඉදවීමට විෂ ද්‍රව්‍ය අනිසි ලෙස භාවිත කිරීම සීමා කිරීමට ජාතික සහ ජාත්‍යන්තර නියෝජිතායතන ශක්තිමත් කරනු හැක.

බිම් මට්ටමේ සිට ප්‍රජාව දැනුවත් කරමින්, වෙළද ප්‍රජාවද නිසි ක්‍රමවේද යටතේ නිසි නීති අන පනත් ප්‍රකාරව පාලනය කරමින් , දැනුවත් බවින් යුතු ප්‍රජාවක් සමග ඉදිරියට යා හැකි නම් මෙවැනි ගැටලු විසදීම බොහෝ සරල විය හැකියි.

කැල්සියම් කාබයිට්(CaC2) පරික්ෂා කිරිම සදහා ප්‍රමාණවත් පහසුකම් ශ්‍රී ලංකාවේ රසායනාගාර තුළ නොමැති බැවින්, එම සම්පත් හැකි උපරිමව ලබාදීමත්, මෙවැනි විස සෘජුවම නියමිත මාත්‍රා වලට වැඩිය යොදන වෙළෙන්දන්ට එරෙහිව නිසි නිතිමය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරිමට සුදුසු කටයුතු සම්පාදනය කිරීමත් සදහා මැදිහත් වීම යුගයේ අවශ්‍යතාවයකි.

මහජන සෞඛ්‍ය පරීක්ෂක
ආර්.එම්.සදුන් හේමන්ත රත්නායක

Latest News

More like this

තවත් වසර 40ක් ජීවත් වන බවට 90 වැනි ජන්ම දිනය දා දලයි ලාමාතුමන් කළ ප්‍රකාශය

ටිබෙටයේ බෞද්ධ අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමාතුමන් උන්වහන්සේගේ 90...

රූකඩ වෙන්නෙ නෑ කිව්ව මේ ආණ්ඩුව නටන්නෙත් IMF පදේට.. විපක්ෂ නායක

ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රූකඩ නොවන බව පැවසූ වත්මන් රජය...

ඇමරිකානු පක්ෂය පිහිටවූ මස්ක්ට ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා විය හැකිද?

එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන සන්ධිස්ථානයක් බවට පත් වෙමින් ලොව...

ටෙක්සාස් ගංවතුරෙන් ගිම්හාන කඳවුරක සිටි ගැහැණු ළමුන් 20කට වැඩි පිරිසක් අතුරුදන්…

සිකුරාදා (ජූලි 4) අලුයම එක්සත් ජනපදයේ මධ්‍යම ටෙක්සාස් ප්‍රාන්තයට...
error: Content is protected !!