හමාර බණවර ගීය විකෘති කළ ආශාවරීලාට රොයිස්ටර්ගෙන් විරෝධය 

බොහෝ දෙනෙකු හා ආත්මීය වශයෙන් බද්ධ වුණු ‘හමාර බණවර’ ගීතය ආශාවරී නමින් පාසල් දැරියන් කිහිප දෙනෙකු පවත්වාගෙන යන කණ්ඩායම විකෘති කර ගායනා කර ඇති බවත් මුල් ගීතයට සිදු කර ඇති හානිය සලකා එයට එරෙහිව පියවර ගැනීමට සිදු වූ බව රවී රොයිස්ටර් පවසා තිබෙනවා.

ඒ අනුව එම ගීතයේ අර්ථයට සම්පූර්ණයෙන් පටහැනි ලෙස රෙගේ සංගීතය මුසු කර ඇති බව රොයිස්ටර් පවසනවා.

“තාත්තා කෙනෙක්ගේ මිනිය අරන් යන වෙලාවට රෙගේ මියුසික් එකක් ගැළපෙන්නෙ නෑ.

ගොඩක් අය මැසේජ් දානවා. කුහකයා අලුත් ළමයින්ට ඉස්සරහට එන්න දෙන්නෙ නෑ වළ කපනවා කියලා සෑහෙන්න මැසේජ් ප්‍රමාණයක් එවනවා. ඒ හැම එකටම රිප්ලයි කරන්න බැරි නිසා තමයි ලයිව් එකක් ආවේ. නැත්නම් මං මේ වගේ ඒවට ලයිව් එන මනුස්සයෙක් නෙවෙයි.

නාලක සර් මට එවල තිබුණා මැසේජ් එකක්. අපි මෙහෙම වැඩක් කරා කියලා. මං කිව්ව එවන්න කියලා. ඊට පස්සෙ මං බැලුවා. බලලා මම නාලක මහත්තයට කතා කරල කිව්ව ඔය සින්දුව ඔහොම දාන්න එපා කියලා. ප්‍රශ්ණයක් නෑ. ඒ දරුවා කියනව හොඳයි. සින්දුවේ තේරුමත් එක්ක ඇරේජ්මන්ට්ස් ගැලපෙන්නෙ නෑ කියලා. මං එතුමට කිව්ව සින්දුව තනි ඉන්ස්‍ටෘමන්ට් එකක්, ගිටාර් එකක් හරි පියානෝ එකක් එක්ක කියලා දාන්න කිසි ප්‍රශ්ණයක් නෑ කියලා”

එසේ පවසා තිබිය දී ගීතය යූ ටියුබ් වෙත ද මුදා හැර තිබුණු බව රවී රොයිස්ටර් පවසනවා.

පසුව එම ගීතය ඔවුන්ගේ ෆේස්බුක් එකවුන්ට් එක ඔස්සේ ද ප්‍රචාරය කර තිබෙනවා.

මෙම ගීතය දැඩි කැපවීමක් සහ පරිශ්‍රයක් දරා නිර්මාණය කරනු ලැබූවක් වන අතර එම නිසාම ගීතයට සිදු කර ඇති හානිය දුටු විට පෞද්ගලිකව දැඩි වේදනාවක් ඇති වූ බව ද රොයිස්ටර් සඳහන් කළා.

කෙසේවෙතත් අදාළ ආශාවරී කණ්ඩායමේ ෆේස්බුක් පිටුව ඔස්සේ සමාව අයදමින් එම ගීතය ඉවත් කර ඇති ආකාරය දැකගත හැකියි.

Medirigiriya Ashawari Hamara Banavara Song

Latest News

More like this

තවත් වසර 40ක් ජීවත් වන බවට 90 වැනි ජන්ම දිනය දා දලයි ලාමාතුමන් කළ ප්‍රකාශය

ටිබෙටයේ බෞද්ධ අධ්‍යාත්මික නායකයා වන දලයි ලාමාතුමන් උන්වහන්සේගේ 90...

රූකඩ වෙන්නෙ නෑ කිව්ව මේ ආණ්ඩුව නටන්නෙත් IMF පදේට.. විපක්ෂ නායක

ජ්‍යාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රූකඩ නොවන බව පැවසූ වත්මන් රජය...

ඇමරිකානු පක්ෂය පිහිටවූ මස්ක්ට ඇමරිකාවේ මීළඟ ජනාධිපතිවරයා විය හැකිද?

එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන සන්ධිස්ථානයක් බවට පත් වෙමින් ලොව...

ටෙක්සාස් ගංවතුරෙන් ගිම්හාන කඳවුරක සිටි ගැහැණු ළමුන් 20කට වැඩි පිරිසක් අතුරුදන්…

සිකුරාදා (ජූලි 4) අලුයම එක්සත් ජනපදයේ මධ්‍යම ටෙක්සාස් ප්‍රාන්තයට...
error: Content is protected !!