ගිනි අවි සහිත කල්ලියක් පාර්ලිමේන්තු මන්ත්‍රී නිවස අවට කුරුමාණමක.. මන්ත්‍රීගේ ජීවිතය අනතුරේ

තම නිවස අවට හා ඒ ආසන්න ප්‍රදේශය පුරා රාත්‍රී කාලයේ සන්නද්ධ කල්ලියක් යතුරු පැදිවලින් ගමන් කරන බව ඉලංගෙයි තමිල් අරුසු කච්චි නායක දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීදරන් මහතා පවසා තිබෙනවා.

මෙම යතුරුපැදිකරුවන් රෙදි වලින් හිස් ආවරණය කරගෙන හිස්වසුම් පැළඳ ගමන් කරන බව තම නිවසේ කැමරා පද්ධතියේ සටහන් වී ඇතැයිද හෙතෙම කියා සිටියා.

මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කිරීමෙන් ඵලක් නැති බවද ඔහු පවසනවා.

මීට පෙර මේ සම්බන්ධයෙන් කළ පැමිණිල්ලෙන් පසු ආරක්ෂක අංශ සාමාජිකයන් දෙසීයක් පමණ තම නිවසට කඩා වැද නිවස පරීක්ෂා කළ බවද සඳහන් කළා.

පොලිසියට තමන් මේ බව ප්‍රකාශ නොකළද තම අනාරක්ෂිතභාවය හා ජීවිත තර්ජන සම්බන්ධයෙන් කතානායකවරයාට ලිඛිතව දන්වා යවන ලද බව ඔහු පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබෙනවා.

Latest News

More like this

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...

පකිස්තානය ලංකාවට ටොන් 80ක මානුෂීය ආධාර එවයි

දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වු ආපදා තත්ත්වය මත...

නාමල්ගේ මාසික වැටුප සහ දීමනා ‘ආදරය’ අරමුදලට…

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ මාසික වැටුප සහ දීමනා...

අනුරගේ දැඩි මිත්‍රත්වය වෙනුවෙන් ජපාන වෛද්‍ය කණ්ඩායමක් ලංකාවට එයි

ශ්‍රී ලංකාවේ හදිසි ආපදා තත්ත්වය වෙනුවෙන් සහයෝගය ලබා දීමට...