ලෙඩ නොවූ රාජ්‍ය සේවකයින්ට රාජ්‍ය අනුග්‍රහය.. විශේෂ වැටුප් වැඩිවීමකුත් ලබා දෙයි

අඛණ්ඩ වැඩවර්ජන ක්‍රියාමාර්ග නොතකා 2024 ජූලි 8 සහ 9 යන දිනවල සේවයට වාර්තා කළ විධායක නොවන රාජ්‍ය නිලධාරීන් සඳහා විශේෂ වැටුප් වර්ධකයක් රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මීට අමතරව, මෙම සේවකයින්ට ඉදිරි උසස්වීම් සඳහා සලකා බලන ප්‍රශංසා සහතිකයක් ද ලැබීමට නියමිතයි.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවට අද කැබිනට් අනුමැතිය හිමි වූ බවයි.

Latest News

error: Content is protected !!