ලංකාවේ දේවාලයක් ප්‍රථම වතාවට ආදායම් වියදම් වාර්තාවක් එළියට දමයි

ලංකා ඉතිහාසයේ පළමු වතාවට රුහුණු කතරගම මහා දේවාලයේ ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කර තිබෙනවා.

එම වාර්තා නිකුත් කර තිබෙන්නේ රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතගේ අත්සනින් යුතුවයි.

ඒ අනුව 2024 ජනවාරි01 දින සිට ජූනි 3දින දක්වා සයමාසක ආදායම් වියදම් වාර්තාවේ දැක්වෙනවා.

රටවාසී ලෝකවාසී , කතරගම දෙවියන්ට පින් පිණිස ආධාර උපකාර කළ සියලු බැතිමතුන් හට දැන ගැනීම පිණිස, මෙම ආදායම් වියදම් වාර්තා ප්‍රසිද්ධ කළ බවත්, ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීමට අයකු ඇත්නම් බස්නායක නිලමේතුමා හෝ ගණකාධිකාරීතුමා හමුවන ලෙසද මේ සමඟ නිකුත් කළ ලිපියෙහි සඳහන්ව තිබෙනවා.

Latest News

error: Content is protected !!