ටැටූ ආයතනයේ හිමිකරුට ලක්‍ෂ 16ක් ගෙවා ඇත්තේ උත්සවයක් පවත්වා වසන්ත ගෙන්වා ගැනීමට පමණයි..

ප‍්‍රංශයේ සැඟවී සිටින මෙරට ප‍්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ගේ නියෝගය මත අහුංගල්ලේ ලොකු පැටී විසින් ක්ලබ් වසන්ත ඝාතන සැලසුම මෙහෙයවා ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

කංජිපානි ඉම්රාන් සහ ක්ලබ් වසන්ත අතර පැවති මුදල් ආරවුලක් මෙම ඝාතනයට හේතු වී ඇති බවද විමර්ශනවලින් අනාවරණය වුණා.

මීට වසර කීපයකට උඩදී මරුමුවට පත්වූ මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයා විසින් ක්ලබ් වසන්තට ලබාදී තිබූ බව කියන අතිවිශාල මුදල්වලින් කොටසක් ඉල්ලා කංජිපානි ඉම්රාන් ඇතුළු පාතාල ප‍්‍රබලයන් විසින් ඔහුට තර්ජනය කර ඇති බවයි සඳහන් වෙන්නේ.

එහෙත් ක්ලබ් වසන්ත එම මුදල් ලබාදීම ප‍්‍රතික්ෂේප කිරීම නිසා මෙම පාතාල කල්ලිය සහ ක්ලබ් වසන්ත අතර දැඩි ආරවුලක් හටගෙන තිබූ බව පොලිසිය පවසනවා.

ක්ලබ් වසන්ත ඝාතනයට ප‍්‍රධානම හේතුව වී ඇත්තේ මෙම මුදල් ආරවුල බව විමර්ශන නිලධාරීන් විසින් අනාවරණය වී තිබෙනවා.

මාකඳුරේ මධුෂ්ගේ පාතාල කල්ලියේ ප‍්‍රධානම ගෝලයන් වූ කංජිපානි ඉම්රාන්, අහුංගල්ලේ ලොකු පැටී, පොඩි පැටී, අහුංගල්ලේ සංජීව, උනාකෝරුවේ ශාන්ත ඇතුළු පාතාල ප‍්‍රබලයෝ රැසක් ඩුබායි රාජ්‍යයේ සැගවී සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාලය සහ පාතාලය ක‍්‍රියාත්මක කරන බව ප්‍රසිද්ධ කරුණකි.

ක්ලබ් වසන්ත ඝාතන සැලසුම ක‍්‍රියාත්මක කිරීම සඳහා අතුරුගිරිය ටැටූ ආයතනයේ හිමිකරු සම්බන්ධ කරගෙන ඇත්තේ අහුංගල්ලේ ලොකු පැටී විසින්ය.

ක්ලබ් වසන්ත ටැටූ ආයතනය විවෘත කිරීමේ උත්සවය සඳහා ගෙන්වාදෙන ලෙස එහි හිමිකරුට උපදෙස් ලබාදී ඇත්තේ ලොකු පැටී විසින් බව විමර්ශනවල දී හෙළි වුණා.

ඒ වෙනුවෙන් ලොකු පැටී විසින් ටැටූ ආයතනයේ හිමිකරුගේ බැංකු ගිණුමට රුපියල් ලක්ෂ 16ක මුදලක් බැර කර ඇති බවද මේ වනවිට හෙළි වී තිබෙනවා.

මෙම මුදල අවස්ථා දෙකකදී රුපියල් ලක්ෂ 10ක් සහ 06ක් ලෙස ලබාදී ඇති බවයි පොලිසිය පවසන්නේ.

මේ අතර ඩුබායි සිට ටැටූ ආයතනයේ හිමිකරුට රුපියල් ලක්‍ෂ 16ක මුදල ගෙවා ඇත්තේ අදාළ ටැටූ ආයතනය විවෘත කිරීමේ උත්සවයක් සංවිධානය කරවා ඊට ප‍්‍රධාන ආරාධිතයා ලෙස ව්‍යාපාරික වසන්ත ගෙන්වා ගැනීමට පමණක් බවත් ඊයේ වනවිට කරන ලද පරීක්‍ෂණවලදී හෙළිවී තිබෙනවා.

දිගින් දිගටම ටැටූ ආයතනයේ හිමිකරුගෙන් ප‍්‍රකාශ ලබා ගැනීමේදී එම උත්සවයට වසන්ත ගෙන්වා ගැනීමේදී තවත් පිරිසක් පිටත සිට දියත් කරන ඝාතන සැලසුම බිළිබඳව ටැටූ ආයතනයේ හිමිකරුට පැහැදිලි අවබෝධයක් නොතිබූ බව වැඩිදුරටත් කරන ලද පරීක්‍ෂණවලදී හෙළිවී ඇති බව පොලිසිය පවසනවා.

මේ අතර ක්ලබ් වසන්ත ඇතුළු පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර ගායන ශිල්පිනී කේ. සුජීවා ඇතුළු සිව්දෙනකුට බරපතළ තුවාල සිදු කිරීමේ ප‍්‍රහාරයට සහාය වූ බවට සැකකරන 07 දෙනකු නුගේගොඩ අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එසේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර ප‍්‍රහාරය සඳහා ඔත්තු බැලූ පුද්ගලයන්ද කුලී පදනම මත වාහන ලබාදුන් පුද්ගලයන්ද සිටින බව පොලිසිය පවසයි.

ක්ලබ් වසන්ත ඇතුළු පිරිස වෙත ප‍්‍රහාරය එල්ල කළ කුලී ඝාතකයන් දෙදෙනා කිසියම් ආරක්ෂක අංශයකට සම්බන්ධ වූවන් විය හැකි බවට ද පොලිසිය සැක පල කරනු ලබනවා.

මොවුන් එම අවස්ථාවේ ටී 56 අවි හැසිර වූයේ ඉතාම පළපුරුදු ආකාරය ඊට හේතුවයි.

මේ අතර ප‍්‍රහාරයෙන් පසු පාතාල කල්ලිය පලාගිය මෝටර් රථය නවගමුව ප‍්‍රදේශයේ අතහැර දමා වෑන් රථයකින් පලාගොස් තිබුණා.

පාතාල කල්ලිය බුලත්සිංහලදී වෑන් රථය අතහැර දමා දම් පැහැති පියර්ස් වර්ගයේ මෝටර් රථයකින් පලාගොස් තිබූ බව පොලිස් විමර්ශනවලින් හෙළි වූ අතර එම මෝටර් රථය සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර තිබෙනවා.

ප‍්‍රහාරය සදහා යොදාගත් මෙම වාහන සියල්ල ව්‍යාජ අංක තහඩු යොදා සකස් කළ ඒවා බවද විමර්ශනවලින් හෙළි වී තිබෙනවා.

මේ අතර මෙම ප‍්‍රහාරය සදහා සහාය දීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන සිටින ටැටූ ආයතනයේ හිමිකරු ඇතුළු සැකකරුවන් හත් දෙනාගෙන් නුගේගොඩ අපරාධ කොට්ඨාසය දීර්ඝ ලෙස ප‍්‍රශ්න කරගෙන යයි.

මේ වනවිට පොලිස් විශේෂ කාර්ය බළකාය ඇතුළු පොලිස් කණ්ඩායම් 7ක් මෙම ප‍්‍රහාරය සම්බන්ධයෙන් විවිධ පැති ඔස්සේ විමර්ශන ක‍්‍රියාත්මක කර ඇති බවයි වාර්තා වන්නේ.

Latest News

More like this

SLIIT මගඩිය ගැන මෛත්‍රී, රනිල් ඇතුළු යහපාලන කැබිනට් මණ්ඩලයටම චෝදනා

මහපොළ ශිෂ්‍යත්ව අරමුදල යටතේ ඇති ආයතනයක් වන SLIIT ආයතනයට...

හෂාන් තිලකරත්නගේ බිරිඳ අප්සාරි නිතී විරෝධී වැඩක් කරයි

හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක හෂාන් තිලකරත්න මහතාගේ බිරිඳවන...

සාරා ජීවතුන් අතර බවට ප්‍රබල සැකයක්… පිල්ලෙයාන් ප්‍රහාරය කලින්ම දැන සිටියා.. පාස්කු පරීක්ෂණ අලුත් වෙන හැටි මෙන්න

හිටපු රාජ්‍ය අමා­ත්‍ය­ව­ර­යකු මෙන්ම ටී.එම්.වී.පී. සංවි­ධා­නයේ නායක සහ නැඟෙ­න­හිර...

ඇමරිකාව ශ්‍රී ලංකාවට 30%ක තීරුබදු පනවයි

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අන්‍යොන්‍ය තීරුබදුවලදී ශ්‍රී ලංකාවට...
error: Content is protected !!