නීතිපති පත් කිරීමේ දී ජ්‍යෙෂ්ඨත්වය අදාළ නැහැ

ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව නීතිපති දෙපාර්තමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා නීතිපති ධූරය සඳහා පත්කිරීමේ ව්‍යවස්ථාපිත අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා පෙන්වා දී තිබෙනවා.

සමන් ඒකනායක මහතා මේ බව දැනුම් දී ඇත්තේ ජ්‍යෙෂ්ඨත්වය මත නීතිපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ජනාධිපතිවරයා වෙත යොමුකළ ලිපියකට ප්‍රතිචාර ලෙස දක්වමින්.

එහිදී හෙතෙම වැඩිදුරටත් පවසා ඇත්තේ, මින් පෙර එවැන්නක් සිදුවී නොමැති බවයි.

නීතිපති ධූරය සඳහා වෙනත් සුදුසුකම්ලාභීන් සිටියදී එක් පුද්ගලයෙකු වෙනුවෙන් පමණක් ශ්‍රී ලංකා නීතීඥ සංගමය පෙනී නොසිටිය යුතු බවද ඒකනායක මහතා මෙම ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම කාරණය ඊයේ (09දා) පාර්ලිමේන්තුවේදී ද අවධානයට ලක් වුණා.

එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවීරත්න මහත්මිය පවසා සිටියේ, ජ්‍යෙෂ්ඨත්වය මත නීතිපති පත් කිරීමේදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් අයේෂා ජිනසේන මහත්මිය නොසලකා හැර ඇති බවයි.

ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ගැටලුව මතුකරමින් මෙම ක්‍රියාව සිදු කර ඇති බවට ඇය මෙහිදී චෝදනා කර සිටියා.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...