සේවයට වාර්තා නොකරන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ ජොබ් එක ඉවරයි

අද දිනයේ (10) සේවයට වාර්තා නොකරන සියලුම දුම්රිය ස්ථානාධිපතිවරුන් සේවය හැර ගියා සේ සලකන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.

2024 ජුනි 29 වැනි දින නිකුත් කරන ලද ගැසට් නිවේදනයකින් (2390/28) රජය විසින් දුම්රිය සේවාව අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එස්.මුදලිගේ ලිපියක් යොමු කරමින් සඳහන් කර තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපතිවරුන් සහ දුම්රිය පාලකවරුන් අද දින ප්‍රකාශ කර ඇති වැඩ වර්ජනයට සමගාමීව මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

Latest News

error: Content is protected !!