ගෞතම් ගම්භීර් ඉන්දීය පිළේ ප්‍රධාන පුහුණුකරු තනතුරට පත් වේ

ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ (BCCI) ලේකම් ජේ ෂා, ඉන්දීය කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස ගෞතම් ගම්භීර් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එක්සත් ජනපදයේ සහ බටහිර ඉන්දීය කොදෙව්හි පැවති T20 ලෝක කුසලානයෙන් පසුව එරට ප්‍රධාන පුහුණුකරි ලෙස කටයුතු කළ රාහුල් ඩ්‍රාවිඩ් එම තනතුරෙන් ඉවත් වූ අතර ඔහු වෙනුවට හිටපු ඉන්දීය පිතිකරුවෙකු වන ගාම්භීර් ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

X හි සටහනක ෂා මෙසේ ලියා තිබුණා.

“ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නව ප්‍රධාන පුහුණුකරු ලෙස @GautamGambhir මහතා පිළිගැනීමට ලැබීම ගැන මම ඉමහත් සතුටකින් සිටිමි. නූතන ක්‍රිකට් ක්‍රීඩාව ශීඝ්‍රයෙන් පරිණාමය වී ඇති අතර, ගෞතම් මෙම වෙනස්වන භූ දර්ශනය සමීපව දකින්නෙක්. ඔහුගේ ක්‍රිකට් දිවිය පුරාවටම විවිධ භූමිකාවන්හි විශිෂ්ඨත්වයට පත් වී ඇති නිසා, ඉන්දීය ක්‍රිකට් ඉදිරියට ගෙන යාමට සුදුසුම පුද්ගලයා ගෞතම් බව මට විශ්වාසයි”

Latest News

error: Content is protected !!