මැතිවරණ 05කට ප්‍රමාණවත් ලිපි ද්‍රව්‍ය රාජ්‍ය මුද්‍රණාලය සතු බව රජයේ මුද්‍රණාලාධිපතිනිය මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබෙනවා.
පෙර මැතිවරණ වලට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී මුද්‍රණ වියදම හතර ගුණයකින් ඉහළ යන බව ද රජයේ මුද්‍රණාලාධිපතිනිය දැනුම් දී තිබෙනවා.
මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන්නේ ඒ සම්බන්ධ දල ඇස්තමේන්තුවක් කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාවට බාරදීමට නියමිත බව මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය තමාට දැනුම් දුන් බවයි.
මේ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීමේ සිට මැතිවරණය අවසන් වන තෙක් සියලු ආරක්ෂක වැඩපිළිවෙළ සංවිධානය කරන බවයි.
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඇතුළු ජනාධිපතිවරණයට අදාළ සියලු කටයුතු කිසිදු බාධාවකින් තොරව ඉටුකරන බව තැපැල්පතිවරයා ද සඳහන් කර බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා සඳහන් කරයි.
මැතිවරණ කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවේදී එම දැනුම්දීම් සිදුකළ බවයි මැතිවරණ කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ.
ජනාධිපතිවරණය සඳහා පවතින පූර්ණ සූදානම පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබෙනවා.
මේ අතර ජනාධිපතිවරණයට අදාළ අයදුම්පත් ඇතුළු ලේඛන මුද්‍රණය කිරීම මේ වනවිට ආරම්භ කර ඇතිබව රජයේ මුද්‍රණාලය පවසා තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය ලබන 17 පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිමිවෙයි.
ඒ අනුව මෙම මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කර සිටියා.