එක්සත් ජාතික පක්ෂයේ කාර්යාලයකට ප්‍රහාරයක්.. ජනපති රුව සහිත පුවරුවකටත් හානි

එක්සත් ජාතික පක්ෂයේ දඹුල්ල ආසනයේ මෙහෙයුම් කාර්යාලය ඉදිරිපිට තිබු පුවරු කිසියම් පිරිසක් විසින් කඩා දමා ඇති බව වාර්තා වෙනවා.

මෙම කාර්යාලය පවත්වාගෙන ගොස් ඇත්තේ, දඹුල්ල මහ නගර සභාවේ හිටපු මන්ත්‍රීනියක වන මායා පාදෙණිය මහත්මියගේ නිවස තුළයි.

මෙසේ හානි කර ඇත්තේ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හා දඹුල්ල ආසන සංවිධායකගේ රුව සහිතව ඉදිකර තිබු පුවරුවලටයි.

මේ පිළිබදව දඹුල්ල පොලිසියට පැමිණිලි කර ඇති අතර සිද්ධිය පිළිබදව දඹුල්ල පොලිසිය පරික්ෂණ පවත්වනු ලබනවා.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...