දකුණු කොරියාවේ Samsung සමාගමේ සේවකයින්ගේ නොනවතින වර්ජනයෙන් නිෂ්පාදන අඩාල වේ

දකුණු කොරියානු තාක්‍ෂණ දැවැන්තයා වන Samsung Electronics හි කම්කරුවන් 30,000 ක් දින නියමයක් නොමැති වැඩ වර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා.

එම සමාගමේ කම්කරුවන් නියෝජනය් කරන වෘත්තිය සමිතියක් වන ජාතික සැම්සුන් ඉලෙක්ට්‍රොනික්ස් සංගමය (NSEU) විසින් පවත්වනු ලබන තෙදින මහා වැඩ වර්ජනයේ අවසන් දිනයේ මෙම නිවේදනය නිකුත් කර තිබෙනවා.

තම ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීමට කළමනාකාරීත්වය කිසිදු අදහසක් නොදැක්වීම හේතුවෙන් මෙම තීරණය ගත් බව එම සංගමය ප්‍රකාශ කර තිබෙනවා.

දකුණු කොරියාවේ Samsung Electronics හි කම්කරුවන්ගෙන් හතරෙන් එකක් පමණ නියෝජනය කරන NSEU, එහි ක්‍රියා හේතුවෙන් නිෂ්පාදනය අඩාල වී ඇති අතර සමාගමේ පරිපාලනය මේ තීරණයත් සමඟ අවුල් සහගත තත්ත්වයට පත්ව ඇතැයි වාර්තා වෙනවා.

කෙසේ වෙතත් සමාගම පවසන්නේ “Samsung Electronics නිෂ්පාදන මාර්ගවල කිසිදු බාධාවක් සිදු නොවන බව සහතික වන බවයි.

Latest News

More like this

බැලුන් ආවා… පොලිසියෙන් සුබ ආරංචියක්

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම සඳහා ශ්වසන පරීක්‍ෂණ නළ (බැලුන්)...

නයිජීරියාවේ IS ත්‍රස්තයින්ට අමෙරිකාවෙන් නත්තල් කෑමක්

වයඹදිග නයිජීරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (IS) සටන්කාමීන්ට එරෙහිව "මාරාන්තික හා...

නත්තල් දා මුළු රටක් දෙවියන්ගෙන් පුටින්ගේ මරණය ඉල්ලූ හැටි

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි නත්තල් දිනයේ තම රුසියානු ප්‍රතිවාදියා...